මතකනේ බෑග් පැක් කරන් ගෙදර යන්න හිතපු සිද්ධිය.... ඒකේ ඉතිරිය ලියන්න ටිකක් වේලා ගතවුනා.
මේ පළමු කොටස https://anithkona.blogspot.com/2017/04/blog-post_29.html
දැන් ලියන්න හිතුවේ එදා නවත්තපු තැනින් ඉස්සරහට...
මතකනේ අපට එන්න කීවා ... විශේෂ මීටිමක් කියලා.
අපි රැස්වීම් ශාලාවට යද්දී, ලොකු ලොක්කන් සියලුදෙනා රැස්වී සිටියා. ඔවුන්ගේ මුහුණු ඉතා බැරෑරුම් බොහොම කරදරකාරී ස්වභාවයක් පෙන්නුම් කළේ.
එහි ඉඳන් ඉන්න අපේ සගයන්ගෙන් මොකද කියා ඇහුවම "ඇයි දන්නැද්ද ? පෝස්ටරෙ ගැන" වගේ දේවල් ඇහුවා. වාට්ටුවල සිටි අපි කාටවත් ඒ ගැන කිසිම වැටහීමක් තිබුනේ නෑ.
ඒ එක්කම
"අපි එන්න කීවේ විශේෂ ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා, " පාලක තුමා බොහොම සීරුවට වචන එකතු කළා
"අද උදෑසන වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ... (තනිකඩ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරියන්ට වෙනම නේවාසිකාගාර දෙකක් පැවතියා. පවුල් වුන අයට නම් ගෙවල් දී තිබුනා)"ටිකක් විශාල දමිල බසින් පරිගණක අකුරු ලියනය කරවන ලද ඒ 4 සයිස් කොළයක් පෙන්වමින් ඔහු පවසන්නට වුනා.
ඔව් එදා උදෑසනම තනිකඩ වෛද්‍යවරු ඉන්න නේවාසිකාගාරයේ ප්‍රධාන දොර හරිද්දිම එහි දොරේ අලවා තිබුණු පෝස්ටරයේ මෙසේ ලියැවී තිබුනාලු... අවුරුදු ගණනාවක් මේ පළාත් වල වර්ජනයක් තිබුනේ නෑ, සිංහල වෛද්‍යවරු ආවම තමා වර්ජනය කළේ. වහාම සිංහල ම්ලේච්ජ දොස්තරලා මෙහෙන් පිටවෙලා යන්න නැත්නම් අපි කරන දේ බොහොම දරුණු වෙයි.
ඒක පට්ටපල් බොරුවක්. මම මීට අවුරුද්දකට කළින් මීට පහළින් තිබුණු මහ රෝහලේ වැඩ කරද්දිත් වර්ජන කීපයක් දියත් උනා, අනේ මේ රෝහලත් ඒවට එකතු උනා.
"සිංහල ම්ලේච්ජ දොස්තරලා ගෙදර පලයව් " මෙන්න මෙහෙම අන්තිමට ලියා තිබුනා.
නිවාඩු ගන්නේ නැතුව යන්නේ නැතුව එක දිගට සේවා මුර අතිකාල ගෙවීම්වලටත් වැඩියෙන් වැඩ කරමින් අපි මෙහෙ කන කට්ට එක්ක බැලුවම මේක කියවද්දි බොහෝ අය අත් කම්මුල් වල තියාගෙන oh my god, අනේ අපොයි, ඕහ් කියමින් කම්පා වුනා.
මේක නම් කොහෙත්ම ඊයේ බෙහෙත් ගන්න ආපු කෙනෙක්ගේ වැඩක් නොවේ. මොකද, මාතෘ සායනය මානසික සායනය පැවැත්වූවා. බාහිර රෝගී අංශයේ අයත් ඒවගේම අමාරුම ලෙඩුන් හදිසි සත්කාර ඒකකයට අරන් බෙහෙත් දී ඩිස්චාච් කර තිබුනා. ඉතින් අපහසුවකට කියා පත් වුන කෙනෙක් හෝ දොස් කියමින් හැසිරුණු කෙනෙක් එහි සිටියේ නෑ.
දමිළ ජාතික විශේෂඥ වෛද්‍යවරියක් වෙව්ලමින් කතා කරන්නට වුනේ " කවුරු නමුත් ඊයේ සිද්ධියෙන් දේශපාලනික ප්‍රශ්නයක් ඇති කරන්න යන්නේ. මේ වන්නියේ හදවත, මෙහි නැවත ප්‍රශ්න ඇති වුනොත් ඒක ජාත්‍යාන්තරයට යන්නේ වෙනත් මුහුණු වරකින්. කාටද මෙහෙම ලියන්න පුළුවන්, මේ සිංහල දමිළ මුස්ලිම් ඔක්කොම වෛද්‍යවරු ඉන්නවා, සිංහල පිරිස වැඩියි තමා නමුත් කිසිම රෝගීන් හෝ වෛද්‍යවරුන් අතර මේ වන තෙක් කිසිම ආරවුලක් සිදු වෙලා නෑ." ඇය බොහෝ දුක් වුනා.
මෙහෙ පිරිස සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රශ්නයකදී වෛද්‍ය අධිකාරී වෙත යෑමට පෙළඹුනා. එනිසා මේක රෝගියෙක් හෝ රෝගීන් විසින් කරන ලද්දක් නොවන බව වැටහුනා.
එහෙත් අර අච්චර බරපතල ලෙස මුරදමාගෙන ඉන්න රෝහල් මුර උන්නැහේලාගේ ඇස් වහලා නේවාසිකාගාරයට පැමිණ දොරක මෙවැනි දෙයක් අලවන්න නම් ඇතුලෙන් උදව්වක් තියෙන්න ඕනෑ ය කියලත් හිතුනා.
ඒවගේම මේ වර්ජනය දියත් වුනේ දෙස්පළුවෙක්ට විරෝධය පාන්න නිසා ඔවුන්ගේ මැදිහත් වීමකුත් ඇති යැයි සිතුනා.
ඉතින් ඔය ඔක්කොම අවසානේ ඇත්තටම ජීවිත බියක් නාවා නම් ඔබ පුදුම විය යුතුයි. දැඩි නිහඬ බව සමග අප හිටියේ කරන්නෙ කුමක්දැයි සිතමිනි. අපේ නේවාසිකාගාරයේ නම් තනි කාමර පෙළක් දොරවල් ඇරෙන්නේ විවෘත කොරිඩෝවකටය. එහි අවසානයේ සින්ක් එකක් හයි කර ඇත.
හාත් පස නිරාවරණය වෙන්නේ එපිටින් ඇත්තේ කැලෑ රොදක් මෙන්ම ගම්මානය ය. අප කෑම කා අත සෝදාගන්නත් , තේ බී කෝප්ප සෝදන්නත් එන්නේ මෙතැනටය. එතැන පමණක් එළිය වන අතර හාත් පස ඝණ කළුවර ය. ඉන් එක පසෙක ඇත්තේ පොදු වැසිකිළි නාන කාමර ය. මේ කොරිඩෝ දිගට නයි පොළොඟුන් පවා ඇදී යයි. ඇතැම් විට කකුලක සීතලට යමක් දැනුනොත් බලනව විට ඉන්නේ ඉතා කුඩා ගස් ගෙම්බෙකු ඇලවිලාය... ඉතින් මෙහෙම තැනක අපිට ජීවිත හානි වන යමක් කරන්න ඕනෑ ලෙස පුළුවන.
සමහරු කීවේ එක හෙලාම අප රෝහල අත් හැර යා යුතු බවයි. නමුත් මෙහි පැහැදිලිව ඇත්තේ පළිගැනීමක් සහ බැරෑරුම් යමක් සිදු කිරීම සඳහා කොනිති ගැන්වීමක් යැයි අපට එවෙලේ සිතුනේම නැත. බොහෝ දෙනෙක් හට කතා කරගැනීමටත් නොහැකි සේ භය බිරාන්ත වී සිටිනු දක්නට ලැබින.
"ඔයාලා ගන්න තීරණයක් කිසි ප්‍රශ්නයක් නෑ, නමුත් මේක ගැන කතා කරන්න තව පැය කිහිපයකින් , මේ ප්‍රදේශය භාර මූලික පුද්ගලයා එනවා. " විශේෂඥ වෛද්‍යවරයෙක් එහෙම කීවා. " අපි කෝකටත් බලමු එයාලා කියන්නේ මොකක්ද කියලා"
ඔය අතරේ දැඩි ලෙස කලබල වෙන අය පැවසුවේ, අනිවාරයයෙන් ගෙදර යමු කියා ය. හිතන්න වෛද්‍යවරු 40ක් පමණ බෑග් සියල්ල් පැක් කරගෙන රෝහලෙන් පිට වෙනවා. රෝහලේ වෛද්‍යවරු කී දෙනෙක් ඉතිරි වේවි ද ? මේ පළාත ගම් බිම් නිසා ඉන්නා 4ක් හෝ 5 ක් වැනි සුළු පිරිසක් ඉතිරි වේවි, විශේෂඥ වෛද්‍යවරු පවා පිටවෙන්න සිදුවෙනවා ඔවුන් ද සිංහල අය.
අප මෙහි සේවය කළ මේ කාලය පුරාවට සිංහල හෝ දමිළ යැයි බෙදීමක් ඇති වුනේ නෑ. දැන් අපට බෙදා වෙන් කර ඉතින් පලයව් කියා කියන්නත් පෙළඹිලා.
අන්තිමේ අපි වටහා ගත්තා රෝහලක් තනි කරනවා කියන එකේ බැරෑරුම්කම. ඒවගේම මේකෙන් රටේ තත්වයට වෙන හානිය. මෙහෙම දේවල් මීට පෙර ත් සිදුවී තිබුනා. ඒ වෛද්‍යවරයෙක් ත්‍රස්තයින් විසින් මරාදැමීමත් සමග උතුරු නැගෙනහිර වෛද්‍යවරුන් ඒ පළාත් වලින් ඉවත් විම වැනි සිදුවීමක්. මට දින වකවානු මතක නැත.
කොහොම උනත් ගෙවල්වල මිනිස්සු කලබල කරන්නේ නැතුව ඉමු කියලත් කතා වුනා. මොකද අපෙන් කිලෝ මීටර 700 පමණ ඈතින් ඉන්න ඔවුන් මෙවැනි දේකින් බොහෝ සේ කලබල වන බව අපි අත්දැකීමෙන් දන්නා නිසාය.
මේ අතර මේ ප්‍රශ්නය දන්වා සමථයකට පත් කරන්න මැදිහත් වුණු, හමුදා නායක තැන, කලබල වී බොහොම අවුලෙන් සිටි අප සියල්ලන් වෙත රාත්‍රී ආහාරය ගෙන එන්නත් අමතක කළේ නෑ. ඔහු අප සැම රැස් කර මෙහෙම කීවා.
"මේක මෙහෙ මනුස්සයෙක් කරා වෙන්න බෑ. එදා ආපු මිනිස්සුන්ට මේ වර්ජනයේ අරමුණත් බෙහෙත් ගන්න ආව අයට කරදරයක් නැතිව අවශ්‍යතා බලා කියා උදව් කිරීමත් සිදුවුන නිසා, මේ මිනිස්සුන්ට රෝහල ගැන මේ තරම් වෛරයක් එන්න විදිහක් නෑ. අනික ස්ට්‍රයික් කළේ සිංහල වෛද්‍යවරු පමණක් නොවෙයිනේ. මේක තනිකර කලබලයක් ඇති කරලා උතුර අස්ථාවරයි කියලා ප්‍රචාරයක් ගෙනියන්න කරපු දෙයක්. වෛද්‍යවරු රෝහලක් අත ඇරලා යනවා කියන එක උතුරේ යුද්ධෙ ආයෙ පටන් ගන්නවා වගේ දෙයක් අදහසින් ප්‍රචාරය කරන්නත් පුළුවන් මොකද මේක ඔවුන්ගේ හදවත. " ඔහු පැහැදිලි කළා.
"මේක ලොකු දෙයක් කරලා ප්‍රචාරනය වුනොත් වාසි වෙන්නේ මේකෙන් දේශපාලන වාසි හෝ තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න හදන අයට ම තමා. අසරණ වෙන්නේ මෙහෙ මිනිස්සු, රෝගීන්, මොකද ආයෙම වෛද්‍යවරු ගෙන්වා ගන්න බොහොම අමාරු වෙන්න පුළුවන් " ඔහු නැවත පැවසුවා.
අන්තිමේ මම අර පසුගිය කොටසේ කියූ ලෙස ත්‍රිවිද හමුදාව මැදිහත් වී, අපට ආරක්ෂාව දැඩි ලෙස පනවා, අපේ ජීවිත වගකීම ඔවුන් මත පවරා ගත්තා.
උදේ හවස හමුදා වලින් අවට සෝදිසි කිරීම් සිදු වුනා. අප වටා ආරක්ෂාවක් ඇති බව වැටහුනා. මීට පෙර රෝහලේ එලෙස හමුදාවෙන් සිටියේ නැත.
අපි ත් පෝස්ටරය ගැන සිදුවීම ගෙවල්වල යනකම් ඒ උදවියටවත් පැවසුවේ නෑ. මම නැවත දකුණට පත්වීම් ලැබ පැමිණෙන්නේ මේ සිදුවීම වෙලත් අවුරුදු 2කට පසුව.
ඒවනතෙක් කිසිම විටක අපිට මෙහෙම පෝස්ටරයක් හෝ කලබලයක් සිදුවුනෙත් නෑ. අපේ නේවාසිකාගාර මාරු වුනෙත් නෑ.
හැබැයි අර කොරිඩෝවේ සින්ක් එකේ කෝප්ප හෝදනකොට හෝ අත සෝදාගන්න කට්ට කරුවල රාත්‍රියේ එන විට, රෝහලට රාත්‍රී වැඩ මුරයට යන්න වෙන විට, හදිසි අවස්ථා වල දෙවැනි රාත්‍රී සේවා වෛද්‍යවරයා ඕනෑ වී කැඳවීම් ලැබෙන විට අර පෝස්ටරය මතක් වී තිගැස්සීමක් ඇති වෙනවා.
ගෙදර පලයව් කීවට සිංහල දොස්තරලා ගියෙත් නෑ.... ආයේ එහෙම සිදුවීමක් සිදුවුනෙත් නෑ !
පසුව ආරංචි වුනා, එය දේශපාලන මැදිහත් වීමකින් ඇලවුණු එකක් බව !
එදා පිරිසක් අනතුරක් දී බිය කෙරුවෙ නුඹලා සැම
ReplyDeleteබෙදා ජාති ලෙස වෙන්කරන්නට හිතක් ඇතිවූයේ කිම
නොදා එය වැඩි දුරට යන්නට සේවෙ කෙරු ඒ ඔබ සැම
සදා කල්ම කළයුතුය ඇගයුම ගරු කරමි කවියෙන් මම.....
ජයවේවා!!!
++++
ReplyDeleteහැමදාමත් මේ බෙදීම් ඇති කර ඇත්තේත් ඇති කරන්නෙත් බලය හා තම පටු වාසිය තකන පුද්ගලයන්. එයින් වන හානිය අති මහත්. ජිවිත දහස් ගණනක් වුව මේ අභිමතාර්ථ වෙනුවෙන් වැළැලී ගොස් ඇති ඉතිහාසයම අපට පෙන්වා දෙනවා නේද? සිංහලයා වුව දෙමළා වුව මුසල්මානුවා වුව අන්ත ජාතිවාදියෙක් වුවහොත් එතැන විනාශයයි.
ReplyDelete//සිංහලයා වුව දෙමළා වුව මුසල්මානුවා වුව අන්ත ජාතිවාදියෙක් වුවහොත් එතැන විනාශයයි.//
Delete+++
කොයි ආකාරයේ අන්තවාදයක් වුනත් පරාජය කරන්න ඕනේ අන්න ඒ නිසායි.
මොනවා උනත් දැනටත් තම තමංගේ ජාතියට කෙරෙන ඇදිල්ල නම් තවමත් ක්‍රියාත්මකයි.මගේ පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ...
ReplyDeleteඔව් එහෙම තමා පෙනෙන්නේ...
Deleteරෝහලේම හිටපු කෙනෙක් කරන්න ඇති, අර සිංහල මිනිස්සුම බුදු පිළිම කඩලා වෙන අයට වරද පටවන්ඩ හැදුවා වගේ.
ReplyDeleteඔව් සහයක් ලැබෙන්න ඇති...
Deleteපසුව ආරංචි වුනා, එය දේශපාලන මැදිහත් වීමකින් ඇලවුණු එකක් බව !
ReplyDeleteප්‍රශ්න ඇති කරන්නෙම දේශ - පාලුවෝ
ඒක නම් ඇත්ත !
Deleteඕව ඉතින් තනිකර දේශපාලන මැදිහත් වීම් තමයි.
ReplyDeleteමේවා පිටුපස්සේ තියෙන්නේ තනිකරම දේශපාලන බලය වෙනුවෙන් කරන යටි කූට්ටු වැඩ. ජාතිය දෙමල වුනත් මොක වුනත් බල තන්හාව එකයි.
ReplyDeleteහැබැයි මේ වගේ කාරනාවක් අනික් පසින් වුනා නම් "ඔන්න ඕක තමයි දෙමළට දෙමළා වීම නිසා ඇති ප්‍රෂ්ණ" කියා කීමට දහසක් දෙනා පෙළ ගැසේවි.
මෙතැනදී මේ දෙමළ මිනිසුන්ට පිහිට වූ වෛද්‍ය පිරිස අසරණ වූයේ, තැති ගැන්වීමකට් ලක් වූයේ, ජීවිත අවධානමකට ලක් වූයේ හුදෙක්ම සිංහලුන් වූ නිසායැයි කීම වැරදිද?
මේ රට කෑවේ දෙමල හා සිංහල දේශපාලකයන් විසිනි
ReplyDeleteකොටස් දෙක බැලුවා.බොහොම සතුටුයි ඔබ කණ්ඩායම කටයුතු කරපු විදිය ගැන.
ReplyDeleteස්තූතියි... හිතට දැනුණු දේවල් අනුව ක්‍රියාත්මක නොවුනු එකත් මොළේ කල්පනා කළ එකත් හොඳම දේ
Delete//මේ රට කෑවේ දෙමල හා සිංහල දේශපාලකයන් විසිනි//
ReplyDeleteදැන් මුස්ලිම් දේශපාලඥයින්ද එයට එකතු වී තිබේ.
ඔව් ඒක ජාතියෙ ප්‍රශ්නයක් කරන්නේ එයාලමයි !
Deleteහොදම ටික //පසුව ආරංචි වුනා, එය දේශපාලන මැදිහත් වීමකින් ඇලවුණු එකක් බව//
ReplyDeleteඒ තමයි අනිත් කොනෙයි මේ කොනෙයි ඉන්න දේශපාලනයේ තියෙන සාධනීය දේශපාලිනික මැදිහත් වීම.
අපි හිතන් හිටියේ අවුරුදු 30 කට පස්සෙවත් පාඩමක් ඉගෙන ගෙන ඇති කියලා... කොහෙද.. කොහෙත් එකයි !
Delete“It is not our differences that divide us. It is our inability to recognize, accept, and celebrate those differences.”
ReplyDelete― Audre Lorde
yes thats so true... thats what Ive learnt during my journey... to tolerate the differences...!
Delete+++++
ReplyDelete