Wednesday, October 5, 2011

නුඹ මට ජීවිතය ඉගැන්නුවා....වෙද සිතක වත්කම

මේකලා ගමගේ...
ඔබේ ගී හඬ හිත නිවන
හද තවන මහා වැස්සක් වගේ ඇවිත්
මගේ හදවත සැනසුවා.


ඔබ අන්ධ යුවතියක් බව සඳහන් ඔබේ ජීවිත කතාව කියවූ විට මට මහත් කණගාටුවක් සහ දුකක් ඇති වුනා. (ඒක කියෙව්වේත් මේ ගීතය ඇසුවේත් යහළුවෙක් විසින් එවූ මේ අඩවියේ තිබුනු ලින්ක් එකෙන්.)
ඒ ඇස් හිස් මොළ යහතින් ඇති ඇතැමුන් ජිවිතයේ සියුම් සත්‍යය වටහා ගන්නේ නැතිව සදාකාලික ජීවත් වෙන්නන් ලෙස මුදල් හරි හම්බ කරමින් මිනිස්කම තලා පෙලා දමන අයුරු දුටූ විටයි.

යනෙන හැම තැන හමුවෙන රෝගින් නිසා
අවුරුදු ගණනක් මිඩංගු කර ඉගෙන ගත් මහා විෂය
නුඹේ පණ කෙන්ද රකින බව මට දැනුනා
දැනුනු ඒ හැඟීම විස්තර කරන්නට
වචන සොයනෙමි තවම මම

සම්පූර්ණයෙන් සූවවී ගෙදර යන විට
අප පය පාමුල වැඳ වැටෙන ඔබ
අපිට දේවත්වයෙන් පුදන විට....
දෑස් මුලට කඳුලක් එකතු වුනා හැමවිටම
ජීවිතය මට ඉගැන්වූ පිනම ඇති නේද
නුඹලාට නිරෝගිව කල් ගෙවන්නට...
මගේ හදවත පතුලේ මහා ලොකු බරක් අත හැර
ඇස් පෙනෙන මගේ ඇස් දෙකේ වටිනාකම මට පසක් කළ
මේකලා ගමගේ මෙන්ම රෝහල් වාට්ටු වල හමුවූ දෑස් අඳ සැවොම වෙත,
ජීවිතය මට තේරුම් කරන මට හැම දාම මුණ ගැහෙන
 දහසක් රෝගීන් හට මාගේ හද බැති ස්තූතිය හිමි වෙනවා
අපමණ බාධක කරදර මැද උනත් මෙකොණ
මා කරනා සේවය මට මහ මෙරක් වගේ
ඒ මගේ හිත කළ සේවයෙන් ලැබූ සතුටින් පිරී ඉතිරී ඇති නිසාය
.
ඒ... මට මේ ජීවිතයේ අරමුණ හා වටිනාකම පසක් කළ ගුරුවරුන් ඔවුන්ම වන නිසාවෙනි...

නොදන්නා කෙනෙකු නොව දහස් ගණනක් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරලා. යන්න පූළුවන් දුවන්න පුලුවන් ඉදිරි සැතපුම් ගණනත් දුවලා. (running that extra mile ) අන්තිමට තමන්ගේ තරමට ප්‍රමාණයට වැඩ කරන්න කියලා ජේෂ්ඨයින්ගෙන් බැනුම් අහන අපි වගේ පොඩි වෛද්‍යවරුන්ට නම් ... අපේ සේවය බලාපොරොත්තුවෙන් අප වෙත එන කෙනා මගේ අම්මා වගේම අම්මෙක්. මගේ අප්පච්චී වගේම අප්පච්චියෙක්. මගේ නංගී අක්කා, අයියා මල්ලී වගේම අක්කෙක් නංගියෙක් අයියෙක් , මල්ලියෙක්.
එහෙම නොහිතන අධමයින්ට හිතෙන් සාප කෙරූ වාර අනන්තයි.
මේක රස්සාවක් නොවේ සේවයක් ! හැම තිස්සෙම අපි පත්වීම් ගන්න දවසේ ජේෂ්ඨ වෛද්‍යවරු අපට කියූදෑ මට මතක් වේ.

5 comments:

  1. ඒක නම් ඇත්තමයි !
    ඔබ මගේ බ්ලොගයෙ අහපු දෙයක් - සංග්‍රාමයෙන් පසු පොත - සරසවි ප්‍රකාශනයක් මම ගත්තෙ සරසවි පොත් හල නුගේගොඩ මම එතනට කතා කලා. ඒ ගොල්ලන්ගෙ කොපි ඉවරයිලු. වෙන බුක් ශොප් වල තිබෙන්න පුලුවන් කිව්ව. මන් බලන්නම් කොහෙද තියෙන්නෙ කියල. මන් ලඟ තියෙන කොපි එක දෙන්න පුලුවන්..ඒත් ඔබ ගාල්ලෙ මම කොළඹ..ක්‍රමයක් තියෙනවනම් දන්වන්න
    my e mail - weniwel@gmail.com

    ReplyDelete
  2. // අපේ සේවය බලාපොරොත්තුවෙන් අප වෙත එන කෙනා මගේ අම්මා වගේම අම්මෙක්. මගේ අප්පච්චී වගේම අප්පච්චියෙක්. මගේ නංගී අක්කා, අයියා මල්ලී වගේම අක්කෙක් නංගියෙක් අයියෙක් , මල්ලියෙක්.// මේ අයුරින් සිතන්නට හැකි වීමම සතුට් ..
    ඒ වගේම ස්තුතියි හරිම සංවේදී සිංදුවක් අපිට තෑගි කළාට

    ReplyDelete
  3. සංවේදීව හිතන්න ඕන උනත් dont get personal with ur patients ලියල තමා අපිට කියන්නේ!වෙලාවකට හිතෙනවා ඒක ඇත්ත තමා කියලා!

    ReplyDelete
  4. weni ... ස්තූතියි මම මේ පොත් කඩ වල සොයා බලන්නම්. මම කොළඹ ඉන්නේ. නැති වුනොත් සුහද හුවමාරුවක් කරගනිමු. ඔබේ සහයෝගයට සහ සහෘදත්වයට ස්තූතියි.
    මහේෂ්... ස්තූතියි.
    සබිත් - ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල අයට රෝහල ගෙදර වගේ ඒකියන්නේ එහි සේවය කරන අපිත් ඔවුන්ගේ පවූලේ අය වගේ. සමහරුන්ගෙන් ආ මොකද මේ පැත්තේ අහද්දි... ඔයාලව බලලා යන්න ආවා දුවේ කියලා කියනවා...

    ReplyDelete
  5. "නොදන්නා කෙනෙකු නොව දහස් ගණනක් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරලා. යන්න පූළුවන් දුවන්න පුලුවන් ඉදිරි සැතපුම් ගණනත් දුවලා. (running that extra mile ) අන්තිමට තමන්ගේ තරමට ප්‍රමාණයට වැඩ කරන්න කියලා ජේෂ්ඨයින්ගෙන් බැනුම් අහන අපි වගේ පොඩි වෛද්‍යවරුන්ට නම් ... අපේ සේවය බලාපොරොත්තුවෙන් අප වෙත එන කෙනා මගේ අම්මා වගේම අම්මෙක්. මගේ අප්පච්චී වගේම අප්පච්චියෙක්. මගේ නංගී අක්කා, අයියා මල්ලී වගේම අක්කෙක් නංගියෙක් අයියෙක් , මල්ලියෙක්"
    මෙහෙම හිතන ඔබ වැන්නන් හැමදාම වාසනාවන් !

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !