මම නම් කනත්තක් පහු කරගෙන ගෙදර යන කෙනෙක් සහ කනත්ත පේන දුරක ගෙදර තියන කෙනෙක් නිසාත් පොඩ් කාලේ ඉඳන් නෑදෑ අයියලා අක්කලා එක්ක ඔය කනත්ත සහ සියලුම යක්කු පෙරේතයෝ ගැන කතායි අහලා, බය වෙලා බය කරලා, යක්කු බලන්න රෑ දොලහ වෙනකම් ඇහැරගෙන ඉඳලා, හොඳට පදම් වෙලා නිසා කළුවරට සහ අමනුස්ස කතා කෙරෙහි කිසිම බයක් නැතුව හිටිය කෙනෙක්.
මහ රෑත් පාන්දරත් රෝහලම කිසි හැල හොල්මනක් නැති වෙලාවෙත් ඇවිදගෙන යන්න වෙනවා වාට්ටුවට හදිසියක් වෙලා කතා කරාම. යුද්ධේ ඉවර වුණු මුල නම් මහ රැයෙත් රෝහල පුරා සොල්දාදුවෝ හිටියා නිදිවරමින් ආයුධ අත දරාගෙන. රෝහලම මහ දවල් වගේ එළියයි ලයිට් නිසා. රෝහලක් නිදියන්නේ නෑනේ රැයක් දවාලක් නෑනේ. ඉ
මෝචරිය පහුකරලා යන්න තියෙන මනෝවෛද්‍ය වාට්ටුවට ඒ කාලේ රෑටත් තනියම යනවා. ආයේ ක්වාටර්ස් යද්දී බලෙන්ම ඇටෙන්ඩන්ලා පස්සෙන් දුවන් එනවා ආරක්ෂාවට.
ඔන්න කොහොම හරි අපිට තිබ්බා ප්‍රසව වාට්ටු දෙකක්. මේ දෙකෙන් වැඩි පුරම අපි රැඳෙන්නේ පරණ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ.
අලුත් වාට්ටුවේ ලේබර් රූම් එක හෙවත් ප්‍රසූතිකාගාරය සහ කාමරය මහා විශාලයි ඒවගේම ඒක වාට්ටුවෙන් පිට කොරිඩෝවක එහායින් තමා තිබ්බේ...අලුතෙන් හදපු එක.
එක දවසක් හවස, දරුවෝ ලැබෙන්න හිටිය අම්මලත් ඔක්කොමලා ඒ වෙනකොට "ඩිලිවර් කරලා" සියල් වැඩ සපුරල,මම එපිස් ටිකත් පට් පට් ගාලා මහලා ඒ වෙනකොට. 7 ට ඕෆ් වෙන්න මිස්ලා යන්න සැරසෙනවා. පසු ප්‍රසව කාලය ඉතින් සෙල්ලම් නෙමේ. රුධිර වහනය ගැන බලාගෙන ඉන්න ඕනේ. බැරි වෙලාවත් මිස් වුණොත් අම්මලාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ. ලෝකේ , දරු ප්‍රසූතියෙන් පසු අම්මල වැඩියෙන්ම මිය යන හේතුව පසු ප්‍රසව රුධිර වහනය. මගේ පොඩි අක්කා (කසින්) මියගියෙත් පළමු දරුවා ලැබිලා ඒ එක්කම ආපු මේ තත්ත්වය නිසා. ඉපදුණු සැනින් දරුවෙක්ට අම්මා අහිමි වෙනවා කියන එක ඛේදවාචකයක් !
ඉතින් අම්මලා සියල්ල මොනිටර් කරලා පිට කරනකම් ඒ කොටසේ තිබ්බ මේසය මත ලැප්ටොප් එකත් දිග ඇරගෙන පෙරි නේටල් මෝටැලිටි මීටිමේ ( peri natal mortality meeting) ප්‍රසන්ටේශන් එක හදනවා.
ඒ කීවේ ප්‍රාදේශීය සෞඛ්‍ය සම්බන්ද ලොකු මීටිමක් තියෙනවා අම්මලා සහ බබාලගෙ ප්‍රශ්න කතා කරන.දරු ප්‍රසූතියේදී අපහසු වුණු අමාරුවුණු අසාද්‍ය වුණු කේසස් කතා කරනවා. එහිදී අපේ වැරදි හොයනවා කියලා අපි හිතුවට ඇත්තටම වැරදුණු තැන් සහ ඒවා නිවැරදි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලනවා. විශේෂඥ වෛද්‍යවරු ඒ ගැන උපදෙස් දෙනවා. රෝහලම රැස් වෙනවා. දරු උපත් ප්‍රසව කාලය ගැන විස්තර හොය හොයා අවි අමෝරාගෙන එන ප්‍රදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට මෙන්ම මව්-දරු පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට තමා අපි බයම. (MOH and MOMCH)
ඔහේ යන්නන් වාලේ යන්නේ නැතුව මේ රටේ ප්‍රජා සහ ප්‍රතිකාර අංශවල සෞඛ්‍ය සේවය මේ තරම් කාර්යක්ෂම සහ වගකීමක් සහිත වෙන්න ඒ ඇඟිලි ගැසීම් උදව් වෙනවා.
ඔහේ යන්නන් වාලේ යන්නේ නැතුව මේ රටේ ප්‍රජා සහ ප්‍රතිකාර අංශවල සෞඛ්‍ය සේවය මේ තරම් කාර්යක්ෂම සහ වගකීමක් සහිත වෙන්න ඒ ඇඟිලි ගැසීම් උදව් වෙනවා.
ප්රසුතිකාගාරය පැත්තේ ඇවිත් පරණ සටහන් පොත් එහෙමත් බලා ස්ටාෆ් එකෙන් විස්තරත් අහගන්නවා එයාලා.
ඉතින් එදා....
අන්තිමට දරුවා ප්‍රසූත කරපු අම්මත් දරුවා තුරුල් කරගෙන ස්ට්‍රෙචර් එකේ හිනාවක් එක්ක "නන්ඩ්‍රි අම්මා" කියලා ලේබර් රූම් එකෙන් පිට වුනා, එතකොට හතට විතර ඇති. ඉන්පස්සේ මිස්ලා ඇටෙන්ඩන් ලා ලේබර් රූම් එක පිරිසිඳු කරලා යන්න ගියා. මම තවම වැඩ...
කොහොම හරි ඔන් කෝල් හිටියේ වෙන කෙනෙක් නිසා මට කරදර බාදා ආවෙත් නෑ. රෝහලේ අපේ ඒකකය වෙනුවෙන් ප්‍රසන්ටේශන් එක හදලා ඉවර වෙද්දි රෑ නමය විතර වුණා. ලැප්ටොප් එකේ ප්ලග් ගලවලා පැක් කරගෙන එළියට එන්න දොර එහෙ මෙහෙ කරද්දී එතන තිබුණු කාමරේක පුළුන් ඔතමින් ගෝස් පැක් හදමින් හිටිපු පිරිස කෑ ගහගෙන වාට්ටුව පැත්තට දිව්වා.
ඉතින් එදා....
අන්තිමට දරුවා ප්‍රසූත කරපු අම්මත් දරුවා තුරුල් කරගෙන ස්ට්‍රෙචර් එකේ හිනාවක් එක්ක "නන්ඩ්‍රි අම්මා" කියලා ලේබර් රූම් එකෙන් පිට වුනා, එතකොට හතට විතර ඇති. ඉන්පස්සේ මිස්ලා ඇටෙන්ඩන් ලා ලේබර් රූම් එක පිරිසිඳු කරලා යන්න ගියා. මම තවම වැඩ...
කොහොම හරි ඔන් කෝල් හිටියේ වෙන කෙනෙක් නිසා මට කරදර බාදා ආවෙත් නෑ. රෝහලේ අපේ ඒකකය වෙනුවෙන් ප්‍රසන්ටේශන් එක හදලා ඉවර වෙද්දි රෑ නමය විතර වුණා. ලැප්ටොප් එකේ ප්ලග් ගලවලා පැක් කරගෙන එළියට එන්න දොර එහෙ මෙහෙ කරද්දී එතන තිබුණු කාමරේක පුළුන් ඔතමින් ගෝස් පැක් හදමින් හිටිපු පිරිස කෑ ගහගෙන වාට්ටුව පැත්තට දිව්වා.
මාත් බයවෙලා දොර ඇරගන්න බැරුව තව ලතවෙලා....පැටලිලා ...ලැප්ටොප් එකත් බී එච් ටී ටිකත් උස්සන් මාත් අරයලා පස්සේ දුවනවා. වාට්ටුවම කළුවරයි ලයිට් නිමලා... කට්ටිය ආත භූත නැතිව දුවනවා.
ඉතින් කොහොම හරි දුවන අය පස්සෙ මං දුවලා, ඒ අය තව හයියෙන් දුවලා... ලයිට් ඇති කොරිඩෝවට ගියාම තමා භය බිරාන්ත වෙච්ච හති දමන මිස්ලා ඇටෙන්ඩන්ලා පිරිස දැක්කේ.
"මොකෝ දිව්වේ"
"අයියෝ ඩොකටර් ද ලේබර් රූම් එකේ හිටියේ..." හති දම දම හිටිය මිඩ්වයිෆ් මිස් කෙනෙක් අහපි.
ඩියුටි මාරුවුණ නිසා මේ රෑ වැඩ ආපු අය දන්නෙ නෑ මං ඇතුලේ කීයලා . වැඩ අහවර කළ අයට කියන්න අමතක වෙලා මං හිටියා කියලා. ඇතුලෙන් සද්ද එද්දී... මේ කට්ටිය පණ එපා කියලා දුවලා.
හේතුව අහගත්තෙත් එතකොට. ඒ වෙනකොටත් ලේබර් රූම් එකේ කාලෙකට කලින් සිදුවෙච්ච මාතෘ මරණයක් නිසා ඒ මැරුණු අම්මා හොල්මන් කරන බවට කතාවක් තියෙනවාලු . කිහිප දෙනෙක් දැකලත් තිබුණා. දැක්ක අය හැඩ රුව පවා කීවා. ඒක ඒ කට්ටිය සීරියස්ලි ගත්තු කතාවක් !
ඉතින් එයාලා හිතලා ඇතුලේ සද්ද ඒ නිසා කියලා... දොරත් අරිද්දි තව බය වෙලා
මම කිව්වා
"මේත් ඉතින් හොල්මනක් තමා වැඩි වෙනසක් නෑ" කියලා....
පස්සේ ඉතිං මෙයාලව සනසන්න "අපෝ ඕවා බොරු කතා..හොල්මන් කොහෙද දොරවල් අරින්නේ"කියලා දාර්ශනික කතා කීවට පිලිගන්න කෙනෙක් හිටියේ නෑ.
පස්සේ ඉතිං මෙයාලව සනසන්න "අපෝ ඕවා බොරු කතා..හොල්මන් කොහෙද දොරවල් අරින්නේ"කියලා දාර්ශනික කතා කීවට පිලිගන්න කෙනෙක් හිටියේ නෑ.
මං බය වුනෙත් නෑ.
ආ අර මෝචරිය පහු කරලා ඒක වටේ දිග කොරිඩෝවකින් යන්න ඕනේ මනෝවෛද්‍ය වාට්ටුවට... යද්දි අතරමැද කටස් ඩාං කියලා සද්ද ඇහෙනවාමයි. මාත් මුලින් ගැස්සුණා හයියෙන් අඩිය ඉක්මන් කරා. ඕකටත් බය වෙච්ච අය ඉන්නවා.
❤️❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDeleteThank you Mathe aiya
Deleteආයිමත් බ්ලොග් එක ලියන්න පටන් ගැනීම පිළිබදව ස්තූතියි. අපි හැමෝම එක විදියක හොල්මන් තමයි 😀.
ReplyDeleteස්තුතියි…. හැකි විටක ලියන්නම්
Deleteහොල්මන් කියන්නෙ හෙලවෙන මනස කියනව නොවැ. දුර්වල හිිතක් තියෙන අය බය වෙනව කියනව නෙව. මේ ඉන්නෙත් කනත්තක් ළඟ සහ හොල්මන් තියෙනවයි කියපු තැනක ගේ හදං. අද වෙනකං හොල්මන් නං දැකල නෑ.
ReplyDeleteඅර වගේ තැනක නං පොඩි සද්ද වලටත් කට්ටිය බය වෙන්න පුලුවන් නේද.
සමහර වෙලාවට ඔය හොල්මන් වලට බය වෙන්නෙ හුඟක්ම ඔය වගෙ තැනක වැඩ කරන්න කම්මැලි කට්ටිය නේහ්. නැත්තං වැඩ අමාරු නං 😃😃😃
මං හිතන්නේ හොස්පිටල්වල මේ කතා අඩු නෑ. වාසියටත් ඔහොම කතා ගොතන බය වෙන අය ඉන්නවා…
Deleteඑක දිගටම කියෙව්වා. ආයෙ එන්නම්.👌🙏😊
ReplyDeleteස්තුතියි ටොමි. Thank you for the encouraging words..
Deleteමගේ පළවැනි බ්ලොග් පෝස්ට් එක ' යවුල ගහ ' . ඒත් හොල්මන් කතාවක් . මේක රහයි
ReplyDeleteතව කීපයක්ම තියෙනවා හෙමින් ලියන්නම් අයියා. ඉස්පිරිතාලවල අඩුවක් නෑ මේ කතා…
Delete😁😁
ReplyDeleteThank you
Deleteඔය හිනා වෙන්නේ 'මං තමා ලොකුම හොල්මන !' කියල කා එක්ක හරි කියලද?
ReplyDeleteටයිටල් එකයි, ඕකේ දාල තියෙන පොටෝ එකයි විතරක් බැලුවත් ඇති. හිනාව නවත්ත ගන්ඩ බෑ.
Beautiful!
ජයවේවා!
Myself Hattor
Thank you so much for these comments.
DeleteI’m glad it made u laugh
Laughter is the best medicine !
Please do read when ever possible !
හ්ම්! හොල්මන් නෑ කිව්වට හිත තිගැස්සිලා හෙල්ලිලාම ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ.
ReplyDeleteඇත්තටම හොල්මන් ඉන්නව ද දන්නේ නැහැ. පදිංචිය මිහිදන් බිමකට අල්ලපු වැටේ, පහුකරලා එන්න යන්න තියෙන්නේ නිසසල අරණ කියලා දැන් කිව්වට කැරකොප්පුවක් අතරින්.
අපි දැකලා නෑඤ නින්ද නොනින්ද අතර ඉන්නකොට දැකපු සමහර විට හින වෙන්න හැකිඤ
DeleteHi Doctor, Keep on writing....There are people who appreciate your writing in other parts of the world also..👍...
ReplyDeleteThank you so much for ur encouraging words friend. Will write when ever possible.
DeleteI have an English blog too.. u can find the link on right hand side of the page. Some posts are translated there.
//ඔහේ යන්නන් වාලේ යන්නේ නැතුව මේ රටේ ප්‍රජා සහ ප්‍රතිකාර අංශවල සෞඛ්‍ය සේවය මේ තරම් කාර්යක්ෂම සහ වගකීමක් සහිත වෙන්න// ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවයට මුළු ලෝකෙම හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ වෙනුවෙන් ඇප කැප වුන වෙන හැමෝටම ආචාරය!
ReplyDeleteමොකක් හරි හොල්මනක් ගැන අහපු ඒ ගැන කතා කල අය තමයි ඒ හොල්මනට බය වෙන්නේ.. එහෙම එකක් තියෙන බව නොදන්නා එකාට කවදාවත් ඒ හොල්මන පේන්නේ නෑ.. :)))