Met the most talkative 7 year old today who made me speechless...
මොකද්ද ඩොක්ටර් මගෙ බඩ රිදෙනවා
ලේ එකක්වත් බලන්නකෝ
ස්කෑන් එකත් නෝමල් ලු, අරයගෙත් නෝමල්ලු, මම හිතන්නෙ මැශින් එක කැඩිලද කොහෙද...
මම : ඇයි ඒ ?
"ඉතින් මගෙ බඩ තාම රිදෙනවනේ මැශිම හොඳනම් ලෙඩේ පේනවනේ...
ආයෙ ටිකකින්
" මේ ඔයාට ඔය බටේ දිගේ ලෙඩ ඇහෙනවද ?"
"නෑ පුතේ සද්ද ඇහෙනවා"
" අම්මෝ මම හිතන ඒවත් ඇහෙනවා ඇති" තමන්ටම කියා ගනී...
මට නම් හිතෙන් හොඳටම හිනා...
"අම්මෙ මම ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට මටත් අහන්න පුළුවන් බටෙන් " ඇය ජයග්‍රාහී හිනාවක් ඇතිව අම්මාට කියයි.
"ඇත්තටම බඩ රිදෙනවා හොඳේ මම රඟපාලා තෑගි ගන්නද ? ඔයාලා මට සල්ලි දෙනවද මෙහෙමෙම රිදෙනවා කිව්වම නෑනේ ... ඉතින් මං ඇත්තම ඇත්ත කියන්නෙ ඩොක්ටර් ඇන්ටි."
"මේ මං මේ බෙහෙතත් බිව්වා කලින් අර අතන ඩොක්ටර් ඩ--න් පෙතිත් දුන්නා ඒත් හරිගියෙ නෑමයි"
මොකද අනේ රිදෙනවා කීවම බඩම ඔබන්නේ ... එබුවම රිදෙනව කියලවත් දන්නැද්ද
දැන් ඔයා මේ බඩ ඔබන තුන් වෙනිඩොක්ටර් මේක නවතින්නෙ කවද්ද ... කිව්ව ගමන් ඔක්කොමලා කරන්නේ බඩ ඔබන එක"
ඔහොම කතා ගොන්නකින් පස්සෙ
මම වෝඩ් රවුන්ඩ් ඉවර වෙලා මේ පැංචි එහෙ මෙහෙ යද්දි අඬගහලා නලාව දාලා දුන්නා කන් දෙකට....
හාට් එකේ සද්දෙ අහන්න දුන්නා එයාගෙම. බඩරිදෙන නිසා බඩේ සද්දෙ අහන්න දුන්නා... ෂූ ෂූ ගානවා කියලා හරි සතුටක් ලැබුනා ඒ කෙල්ලට. බඩ ඇතුලේ මුහුදක් ඇතිය කියලා මිස්ලා හිනා වුනා. ඔන්න මම රවුන්ඩ් ඉවර වෙලා යනකොට මේ කෙල්ල අල්ලපු ඇඳන් වලටත් කියවලා ... මට ඇහෙනවා
" ඒ ඩොක්ටර් ඇන්ටී විතරයි මට නළාව දුන්නේ සද්ද අහන්න ...බඩ ඇතුලෙ හෝ ගානා පොකුණ වගේ" ඒ අස්සේ මට කෑ ගහනවා "ඩොක්ටර් ඇන්ටි තැන්ක් යූ, ගුඩ් නයිට් " කියලා .
හැබැයි ඇත්තම කථාව ඒ කෙල්ලගේ උත්තර වලට මම නිරුත්තර වුනු වාර අනන්තයි.
......................................................
ආදරය කියන්නේ මොන වගේ දෙයක්දැයි නොදැන ආදරය අපි නොයෙක් හැඩහුරුකම් වලින් සොයනවා. ඇහෙන් අල්ලාගන්නා දේට ආදරේ කරනවා. නෙත පිනවන හිත සනසන දේ තුලින් ආදරේ සොයනවා. ඒත් දෙනෙත් නැති හිත් වල පූදින ආදරය හුදෙක් වෙනත් මානයක් කරා මාව ගෙන යනවා.
කසුන් - සත්‍යා ...ජීවිතයේ බාධක වැටකඩොළු වලට අභියෝග කළ අපේ ආදරණීය බ්ලොග් රචක රචිකා යුවලගේ මංගල උත්සවයට ආරාධනා ලැබුනම ... මොන කරදර මැද්දේ හෝ යනවා මයි කියා හිතුවේ...උන් දෙන්නා ඒ තරම් මට ලෙංගතු නිසා මයි.... කොහේ දී කටහඬ ඇහුනත් "බෝධිනි අක්කා" අනිත් කොන.. කියමින් අතින් අල්ලා ගන්නා ඒ ලෙංගතු කමට...
ආදරයේ හැඩ තල නොයෙක් අයුරින් මම දුටුවා...ඒ හැම විටම මම එහි භෞතිකමය හැඩය මිසක් අධ්‍යාත්මික හැඩයක් දුටුවේ නෑ. තමන්ට ඕනෑ ලෙස වෙනස් කරගන්න මිසක් තියෙන ඒ හැඩ තල වලට ආදරය කරන්න කිසිවෙක් පෙළඹුනේ නෑ. එහෙම ලෝකයක දැන උගත් නමුත් "කේන්දර අවුල්" නිසා හැර යන මිනිසුන් මෙන් ම.... දුෂ්කර කාලයේදී හැරයන මිනිසුන්ද .... බොහෝ අකටයුතුකම් කර හැර යන මිනිසුන්ද ....
අනුන්ගේ දුකක් කඳුළක් වෙහෙසක් නොදැනෙන මිනිසුන්ද දැක ඇත්තෙමි.
එහෙව් ලොවක,
ඔවුන් සොඳුරු ලෙස ලෝකය විඳින අයුරු මා හදවතින්ම වින්දා
ඔවුන් සොඳුරු ලෙස ලෝකය විඳින අයුරු මා හදවතින්ම වින්දා
මගේ ඇස් වලින් දැක්කා...
මගේ හදවත පතුලේ මහා ලොකු බරක් අත හැර
ජීවිතේ අත් නොහැර ඉන්නට
ජීවිතේ වටිනාකම මට පසක් කළ...
ඒ මොහොත මට වටිනවා මහ මෙරක් තරම්
කටකාරි නගා ඇතුළු සියළු දෙනා හමුවූ ඒ දිනය හරි සොඳුරුයි...
මගේ හදවත පතුලේ මහා ලොකු බරක් අත හැර
ජීවිතේ අත් නොහැර ඉන්නට
ජීවිතේ වටිනාකම මට පසක් කළ...
ඒ මොහොත මට වටිනවා මහ මෙරක් තරම්
කටකාරි නගා ඇතුළු සියළු දෙනා හමුවූ ඒ දිනය හරි සොඳුරුයි...
මෙහේ නොරට ඉන්න අපිට ගොඩක් දේවල් මිස් වෙනවා නන්ගී ඔයාලා වාසනාවන්තයි.
ReplyDeleteජුලයි මාසේ අන්තිමට බ්ලොග් උත්සව බුක් ලෝන්චස් නැද්ද දන්නේ නෑනේහ්??
ජූලි 50 චූලයියගෙ වැඩක් තියෙනවා. කවි පොත් දෙකක් එළිදැක්වීමක්. සිංහල සහ ඉංග්‍රීසි... තව දැනගන්නට ලැබුණොත් කියා එවන්නම්.
Deleteජූලි 20...
Deleteඅෆ්ෆා මම තාම මේ කම්පොනා කොරනව ජූලි 50 කවද්ද කියල අප්ප...
Deleteජූලි 20 නේ ...
Deleteතරු අක්කයි කැලැන්ඩර් එකනෙ බෝධිනි අක්කා.. ගණං ගන්න එපා..
Delete;-) ;-) :-D
ගස්ලබ්බා ඔහොම ඔපරේශන් එකක් බලන්න ඕනෙයි කියලා ඩොක් අයින් කරපු උණ්ඩුකපුච්ඡය බෝතලේක දාල සීල් කරලා වෝඩ් එකට එවල තිබුනා.සිහි නැතිකරන්නැතිව ඔපරේශන් කරන්න කියපු එකම ළමයා කියලා.හෙහ් හෙහ්
ReplyDeleteවෙඩිම වෙලාවෙ ඈතින් දැක්කා...කතාකරන තත්වෙක නෙමෙයි හිටියෙ.හෙහ් හෙහ්
ජයවේවා..!!
අයියෝ... අපරාදෙ කතා කරන්න තිබ්බා...
Deleteකසුන් සත්‍යා මංගල ආරාධනාව ලැබුණම මොන කරදර තිබුනත් යනවමයි කියල මමත් හිතාගත්තා. මේ බෝධිනීට මම ලියන පළවෙනි කමෙන්ටුවයි.
ReplyDeleteමොන කරදර තිබුණත් යනවමයි කියල ආව හැමෝම අඳුනගන්න, කතා කරන්න ලැබීම සතුටක්...
Deleteහමු වුනාට වැඩිය කතා බස් කරන්න බැරි වුන එක ගැන කණගාටුයි.
Deleteඅනේ ඔයා වගේ දොස්තරල හැමතැනම ඉන්නව නම් හොඳයි කියල මට හිතුන අක්කේ. මමත් පුංචි කාලෙ දොස්තරල ගෙන් ඔය වගේ ප්‍රශ්න පත්තරයක්ම අහනව බෙහෙත් ගන්න ගියහම. මට මේ පෝස්ට් එක කියවද්දි මගේ පොඩි කාලෙ මතක් වුනා.
ReplyDeleteබොහෝ විට මේ අය නිසා අපෙත් ආතතිය නැති වෙනවා නංගී..
Deleteඒ කෙලි පැට්ට නම් මරු...
ReplyDeleteකසුන්, සත්‍යා ගැන නම් කියන්න වදන් නෑ. මාත් හරිම ආදරයෙි, අගය කරනවා දෙන්නව. අපි ඇත්තටම මගුලට යන්න ලෑස්ති වුනේ තියෙන්නෙ කොහෙද, දවල්ද රෑද කියලවත් නොදැනනෙ.. ඒක නම් හිනා යන වැඩක්. කොහොම වුණත් අපිට එකතු වෙලා යන්න ලැබුණු එක සතුටක්. ඒ අප්‍රමාණ ස්තූතිය රන්දිටයි, වාසනාටයි, පැටව් දෙන්නටයි ලැබෙන්න ඕන...
ඒ වගේ පොඩ්ඩෙක් ඉන්න කොට රැකියාවේ තියෙන ආතතිය එහෙමත් මග හැරෙනවා ඇති නේද ?
ReplyDeleteකසුන් නිර්මාණි ගේ අධ්‍යාත්මික ප්‍රේමයට අලුත් ජීවිතේට සුබ පැතුම්...!
ඒක නම් ඇත්ත...
Delete++++++++++++++++
ReplyDeleteමරු කෙලි පොඩ්ඩ....
ReplyDeleteසැබෑ ප්‍රේමය කියලා එෆ්.බී. එකේ ගිය රැල්ලක් මතක් වුණා :-)
කොහොම උනත් දෙන්නටම සුභ පැතුම්
තව ගොඩ ජාති කීවා මට මතක නෑනේ..
Deleteඒ ආදරේ නේ එහෙම නේ
ReplyDelete:-) :-)
එක මොහොතකට හෝ අපේ ජීවිත ආලෝකමත් කරන ඔහොම පොඩ්ඩො පොඩ්ඩියො ඉන්නවා...:)
ReplyDeleteහරියට හරි රවි අයියා....
Deleteමට ඉරිසියයි අප්පා.එන්න වුනේ නැති එක ගැන.ඒ යුවලට මමත් හදවතිංම සුභ පතනවා
ReplyDelete