මීට වසර කිහිපයකට කලින් කොළඹ ප්රධාන රෝහලකදී අරුම පුදුම හිඟන්නෙක් මුණ ගැසුණා.
කමිසයේ ඇරුණු බොත්තම් අතරින් පෙනෙන්නට සුදු ගෝස් කෑල්ලක් සහ ප්ලාස්ටර් අලවා තිබුනා. හේ අප අසළට පැමිණ "අද ටිකට් කැපුවා, මේ හමේ තුවාලෙට ගාන්න බෙහෙත් ක්රීම් එක ගන්න සල්ලි නෑ අනේ මහත්තයෝ පුළුවන්නම් උදව් කරන්න " යැයි තුන්ඩුවක් පෙන්වමින් කන් කෙඳිරිගෑවා. මා එහි සිටියේ හිතවත් රෝගී අයෙක් සමග කතා බස් කරමින් ඇඳක් අසළ.
"කෝ දෙන්න තුන්ඩුව"කියා මම බැලූ විට එහි තිබුණේ සස්ටජන් ටින් එකක් සහ මල්ටි විටමින් එකක නමක්.
රජයේ රෝහල් යනු අන්ත අසරණ රෝගීන් සහ දරිද්රතාවයේ පහළම අඩියක ඉන්නා මිනිසුන් ගැවසෙන රෝහල් ය. එහෙම එකේ මෙවන් සංවිධානය වූ පිරිස් හෝ රෝගීන් ලෙස ඇතුල් වී මිනිසුන්ගෙන් මුදල් ගසාකන පිරිස් ඇතිවීම බොහෝ කණගාටුදායක තත්වයකි.
ඔබේ දැන ගැනීම පිණිස ලියා තබමි.
අවුරුද්දකින් බ්ලොග් ඒක්කට කොමෙන්ටුවක් දාන්නෙ. මෙච්චර කල් ගූගලය මට පනිස් කොරලනේ තිබ්බෙ.
ReplyDeleteහුගක් ඔය ටයිප් ඒන්නෙ අසරණ අයටත් වඩා කුසීත කම්මැලි උදවිය. අතපය හොඳට තියෙනව. රස්සා කරන්න පුළුවන්. බට් කම්මැලියි.
හොඳ හිත කෙනෙක් අහුවුනොත් පුලුවන් තරම් ගන්නත් කැමතී.
හැටිද ඇත්තටම අසරණද කියල කන්ෆියුඩ් වෙන අවස්ථා ඒමටයි
අක්කා තාම බ්ලොග් එක ලියන්ව නේද ? කවුරුත් නැද්ද දන්නෑ කියල බලන්න ආවෙ.
ReplyDeleteඔව් මල්ලි... ෆේස් බුක් පේජ් එකෙ ලියන නිසා මේක අමතක වෙනවා. ඒවාම මේකෙත් update කරනවා.
Deleteමිනිස්සු දුප්පත් කමට කරන දේවල්
ReplyDelete