අම්මත් දරුවට බය නිසා හෝ, ඉස්පිරිතාලේ ලෙඩින් ඉන්න නිසා හෝ කියන සේරම දේ කරනවා. වඩන් ඇවිදින්න පවා සිදුවෙනවා.
ඔහුව ගෙදර යවන්න හිටි දවසේ නම් මම උදෙත් දැක්කා. දවලුත් දැක්කා. දරුවා අතේ ෆෝන් එක එහෙමමයි. හවසත් අම්මා ඇඳට ඔළුව තියන් නිදි, බබා ෆෝන් එකේ.
" අම්මේ බබාලට වැඩිය ජංගම දුරකථන දෙන්න එපා" මම කීවෙමි
"ආ නෑ නෑ ඩොක්ටර් මම මේ හොස්පිටල් ලෙඩ වෙලා නිසා දුන්නේ." එය නැවත ගැනීමට තැත් කරයි. දරුවා සැර දමයි. අම්මා බය වෙයි.
" ආ බබාලා අතේ තියෙන ෆෝන් අපිට ගන්න කියලා තියෙන්නේ නැත්නම් පොලිසියට කියනවා"
ඒපාර නම් බය වුන දරුවා මා දිහා බලන් ඉන්න අතරේ...
"මම ආයේ මෙතනින් යද්දි අතේ තිබ්බොත් ගන්නවා " කියාගෙන මම එතනින් යන අතරේ දුටුවේ අම්මාට ෆෝන් එක දෙන දරුවා ය.
මේ අය ආණ්ඩු මට්ටු කරන්න බොරු කියන්නත් වෙනවා. ඒත් ඉතින් මොනා කරන්නද ? ඔවුන්ගේම හොඳ ට නේ.
-----------------------------------------
"කමක් නෑ ඩොක්ටර්, මට මෙහෙම උනේ, ගිය ආත්මෙ මාත් දරුවො දාලා යන්න ඇති..." අවුරුදු 11 විතර දියණියක් එහෙම කියද්දි මගේ හිත කීරි ගැහිලා ගියා.
" මම දැන් මගේ පව් ගෙවලා ඉවර කරනවා. එතකොට මට එන ආත්මෙ හොඳ තාත්තෙක් ලැබෙනවා"
ඇය කොහෙන් හෝ අසා ගත් යමක් විය හැකියි.
අධික ලෙස දුක සහ කළකිරීම් මත්තේ ජීවිත තොර කරගන්නන්ට, තාත්තා දමා ගිය මේ දියණියගේ චිත්ත ධෛර් යය මහ මෙරක් තරම් යැයි මට සිතේ.
ඇය මට රිබන් ගොතා ගෙනැවිත් තිබුනේ බබෙකුගේ ෆොටෝවක් සමගිනි. "ඩොක්ටර්ගෙ බබත් මේ වගේ වෙන්න" ඇය එහෙම කියූ බව මව කීවාය,
ඒ වන විටත් ගැබිණියක වූ මගේ කාමරයේ බබාලාගේ පින්තූර තිබුනේ නැත. ඇති තරම් අළුත ඉපදෙන බබාලා බලමින් වාට්ටුවෙත් එක එක වයස් වල බබාලා බලමින් සිටි මට එවැන්නක අවශ්‍යතාවයක් දැනුනේ නැත්තේ සිත සහ එහි හැසිරීම ගැන ලෞකික දෑ ගැන අල්පව සිතූ නිසාම වෙන්නත් පුළුවන.
මා ඒ පින්තූරය පෙනෙන තැනක අලවා තැබුවේ ඇය සිහිවීම සඳහා ය.
------------------------------------------
හදිසි සැත්කමකට ශල්‍යාගාරය වෙත ගොස්.. බිළිඳුන් ඉපදුනු පසු ඔවුන් තබන වෝමර් එක ඇති කොටස ඇති ප්‍රකෘතකරන ( රිකවරි) කොටසේ සිටින විට මා දුටුවේ එහි ට්‍රොලියක සිටින ආච්චී අම්මා කෙනෙකු බාගෙට නැගිටිමින් බහින්නට සූදානම් වන සෙයකි.
නිර්වින්දක වෛද්‍යවරයා ඇමතු ඇය " මට බහින්න උදව් කරන්න පුතේ, මට කඩේට යන්න ඕනෙ. පොඩ්ඩක් ගිහින් එන්නම් " කියද්දී. " ආ දැන් යන්න බෑ මට වැඩ , ඔහොම ඉන්න " කියා ඔහු දන්නා හඳුනන අයෙකුට මෙන් කීවේය.
මේ ආච්චී ඇගේ කකුලේ තුවාලය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා නිතර රෝහල් ගත වන්නියකි. ඇයට මතකය හීන වීමේ ඩිමෙන්ෂියා හෙවත් මොළයේ සෛල වයසට යන විට මියයාම වැනි දෙයක් සිදුවන රෝගාබාදයකට ලක් වූ අයෙකි.
ඇය කියන කිසි දෙයක් කිසිවෙක් ගණන් ගත්තේ නැත්තේ එහෙයිනි.
" ඔය දරුවා ගිහින් අම්මට දෙන්න. දරුවෙක් මොකද මෙහෙ ගෙනාවෙ."
ඇය අප බිළිඳා පරීක්ෂා කරද්දී කෑ ගසයි. භාගෙට නැගිටගෙන ය
"හා හා ආච්චී නිදා ගන්න " මිස් කෙනෙක් හඬ නගයි.
ඇයට සිහි කල්පනාව හීන වෙන්න පෙර කඩයක් තිබූ බව සත්‍යයකි. දැන් මතකයේ ඇත්තේ ඒ කඩය ගැනත් එම කඩයේ රෙදි පිළි ගැනත් ය.
මට සිහි වුනේ සංසාරය යනු කෙතරම් බිහිසුණු තැනක්ද යන්න ය. මේ හොඳින් තිබෙන මනස ඊළඟ මිනිත්තුවේ ලෙඩ විය හැක.
අප ගිය අත් බවයක වුවද කළ වැරදි අප පසු පස පැමිණිය හැක.
ඔය අතර පරණ කතාවක් මතක් වෙයි.
තරුණ මව්පිය යුවලක් පැමිණ දිනක් පැවසුවේ.. ඔවුන්ගේ දරුවාට නමක් තබන ලෙස ය. මා එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේ එය ආවාට ගියාට කරන වැඩක් නොවන බව කියමිනි. ඇරත් මා නම් ඒ ශාස්ත්‍රය ගැන දන්නේම නැත.
" මගේ වයිෆ් දැක්කා දරුවා ඩොක්ටර් බේරාගත් හැටි. මගේ දරුවා අද ජීවත් වෙන්නේ ඩොක්ටර් නිසා..." ඔහු කියද්දී ඒ අම්මා වැඳ වැටී නමස්කාර කරන්නට සැරසුනි.
මා වහා ඔවුන් වැලකූවෙමි.
කෙසේ හෝ මා ලවා ඔවුන් ගෙන ආ ගැලපෙන අකුරු වලට නමක් ඉල්ලා සිටි හෙයින් ඔවුන් ගේ මුල් නම් අනුව තෝරා දුන්නෙමි.
ඒ මව දමිළ ජාතිකයෙක් වූ අතර පියා සිංහල ජාතිකයෙකි.
ඒ දරුවා සමග නැටූ පැය ගණන මා බොහෝ සෙයින් සසල වූ හෝරා කිහිපයකි. ඒ කතාව ඉතා දිගු එකක් නිසාත්, සිස්ටම් එකත් (යාන්ත්‍රනයත් ) හරි හැටි වැඩ නොකෙරෙන වේලාවත් සමග රණ්ඩු ඇල්ලූ නිසාත් පසුව ලියන්නම්.
දුක යන්න තේරුම් ගන්න .. රෝහල් තමා හොඳම තැන... සංසාරයේ බිය ජනක බව එහි ස්වභාවය තේරුම් ගන්නත් රෝහල් හොඳම තැනක් !
//දුක යන්න තේරුම් ගන්න .. රෝහල් තමා හොඳම තැන... සංසාරයේ බිය ජනක බව එහි ස්වභාවය තේරුම් ගන්නත් රෝහල් හොඳම තැනක් !//
ReplyDeleteහරියටම හරි... ලෙඩ වෙලා පැත්තක් ගහල ඉන්න වෙලාවට එහෙම නැත්තන් ඩොක්ට වගේ කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට ඔය සත්‍යය ඇඟටම දැනෙනවා..
රෝහල් කාර්යමණ්ඩලය කියන්න මහා පුන්‍යකර්ම රාශියක් රැකියාව අතරතුරම කරගන්න වාසනාව ලබපු පිරිසක්.
ජයවේවා..!!
ස්තූතියි ගස්.. ඒක ඇත්ත. ඒක පිනක් කියලා හිතනකොට වෙහෙස අඩු වෙන බව ඇතැම් සුළු සේවකයින් පවා කියනවා
Delete//දුක යන්න තේරුම් ගන්න .. රෝහල් තමා හොඳම තැන... සංසාරයේ බිය ජනක බව එහි ස්වභාවය තේරුම් ගන්නත් රෝහල් හොඳම තැනක් !//
ReplyDeleteඇත්ත, හැමදේම තතප්රෙන් තත්පරේ වෙනස් වෙන අනිත්‍ය හොඳට දැක බලා ගන්න පුළුවන් තැනක්...
ඒ එක්කම මිනිස් සිත්/හැඟීම් එක්ක හැප්පෙන්න වෙන එක !
Deleteඇත්ත.. ඉස්පිරිතාලේකට ගිහාම තමයි සංසාරේ ගැන තේරෙන්නේ හොඳටම
ReplyDelete//දුක යන්න තේරුම් ගන්න .. රෝහල් තමා හොඳම තැන... සංසාරයේ බිය ජනක බව එහි ස්වභාවය තේරුම් ගන්නත් රෝහල් හොඳම තැනක් !//
ReplyDeleteනියම කියමන
ස්තූති නංගී !
Deleteමේ ජාතියෙ කතා වලින් මේ දවස් වල අපේ කන් පිරිලා තියෙන්නෙ බෝධිනී. තේරුණා නේද? :)
ReplyDeleteඅනේ... ඔබ දෙදෙනා ඇයගේ දුක දකිනවා ඇති. කොයිතරම් වෙහෙසක් ද සීමාවාසික කාලය....ඊටත් එහා ඒ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ගේ ජීවන අරගලය ඔවුන් ඉන්න දුක්ඛදායී තත්වය. ඒවාට ඇහුම්කම් දී ඇගේ හිතේ කරදර බර අඩු කරන දෙමාපියන් සිටීම වාසනාවක් !
Deleteපුනරුත්තාපන රෝහලේ මම සේවය කල අවුරුදු දහ අට...ජීවිතේ පුදුම අත්දැකීම් ගෙනා කාලයක්...මම ඔබ කියන දේට එකඟයි...අපි කරන කියන හැම දේම අප හා එක්ක සසර තුරු ඇදෙනවා
ReplyDeleteඔව් අක්කා මේ විඳින දුක් කන්ද නිමාවක් නෑ. අපිට අකමැත්තෙන් හරි හැඟීම් ඉවත් කරලා යාන්ත්‍රික වෙන්න සිදු වෙලා.
Deleteදුක මොකක්ද කියලා තේරුම් ගන්න ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට බේත් ගන්නම යන්න ඕන. කිව්වට අමනාප වෙන්න එපා. අත්දැකීමෙන් කියන්නේ.
ReplyDeleteඒක ඇත්ත !
Deleteරෝහල්වල විතරක් නෙමේ අවට සමාජයේත් හැම තැනම දුක තියෙනවා.දුක අමතක කරලා ජිවත් වෙන්න පුළුවන් නම් ජිවිතේ යම් පමණකින් දිනුම්.
ReplyDeleteඒක ඇත්ත. හොඳට ජිවිතය විඳින්නේ ඔවුන්.. අනුන්ගේ දුක තමන්ගේ කරගත් අපි ටිකක් විතර දුකෙන් ඉන්නවා
Delete//දුක යන්න තේරුම් ගන්න .. රෝහල් තමා හොඳම තැන... සංසාරයේ බිය ජනක බව එහි ස්වභාවය තේරුම් ගන්නත් රෝහල් හොඳම තැනක් !//
ReplyDeleteඒ වගේම තමයි ආගමික ලොක්කන්ට හොඳ ගොදුරු බිමක්.
එහෙමද ? මට ඒක තේරුනේ නෑ...
Delete