මම අද ලියන්න යන්නෙත් ඒ වගේ මහ පුදුමාකාර යමක්. ඇත්තටම මට මේ වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුනේ ජීවිතේ ප්‍රථම වතාවට. අළුත ඉපදුන දරුවෙක්ගේ අම්මෙක් තාත්තෙක්... එදින හමුවූ මගෙන් ඉල්ලනවා දරුවාට නමක් තියන්නලු... ඔබම හිතන්න ඒක කොයි තරම් පුදූමසහගත ඉල්ලීමක්ද කියලා. මෙන්න ඒ කතාව
එදින රාත්‍රී වැඩමුරය යෙදී තිබුනෙන් වාට්ටුවේ නේවාසික රෝගී දරුවන් පරීක්ෂා කොට තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිකර්ම ලියා තබා රෑ කෑම ගන්නට කියා සූදානම් වෙද්දී ලැබුණු දුරකථන ඇමතුමෙන් කීවේ, ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ ප්‍රසූතිකාගාරයේ දරුවෙක් ලැබෙන්න කිට්ටු අම්මා කෙනෙක් සිටින බවත්, කුස තුල සිටින දරුවාගේ හර්ද ස්පන්දන වේගය අඩුවෙමින් පවතින බවත්, දැන් දැන් මවගේ ගැබ්ගෙලින් ශ්‍රාවය වන තරලය මෙකෝනියම් පැහැය ගන්නා බවත් ය. මෙකෝනියම් යනු දරුවා කුස තුලදී පහ කරන මල ද්‍රව්‍ය හඳුන්වන නම ය.
මම එහි ගිය විගස මවගේ ටිකට් එක හෙවත් ඇඳ ඉහපත පරීක්ෂා කළෙමි. ඒ අනුව මට අවශ්‍ය කරුණු රාශියක් දැන ගැනීමට හැක. මවගේ රුධිර ඝණයේ සිට මේ මොහොතකට කලින් දරුවාගේ හර්ද ස්පන්දනය දැක්වෙන ප්‍රස්ථාර කොළය හෙවත් සී ටී ජී සටහන් කොළය මෙන්ම ප්‍රසවයේ විස්තර සටහන් පාටොග්‍රෑම් එක ( ප්‍රසූතිකාගාරයේදී සටහන් යොදන වගු සහිත කොළය) මම පරීක්ෂා කළෙමි. දරුවාගේ හර්ද ස්පන්දන වේගය ගැන නම් සෑහීමකට පත් විය නොහැක.
අපටම ආවේනික ස්ලෑන්ග් වචන තියෙන බවත් ලීවිය යුතුමයි. ඇත්තටම බකට් යනු හදිසි දරුණු තත්ව හැඳින්වීමට කියන නම යි. "ආ ඊයේ බකට් එකක් පෙරලගත්තා කියලා ආරංචියි යනුවෙන් අසන්නේ හිතමිතුරු වෛද්‍යවරුන් ය" ඔන්න වාට්ටුවේ බකට් කීපයක්ම තියෙනවා... කියන්නත් පුළුවනි.
ඔවුන් බොහෝ දෙනෙක් එල්ලකරන චෝදනාව නම් එසේ එම ඒකක නොමැතිව ඇයි අපි සාමාන්‍ය දරු උපත් සහ සීසර් සැත්කම් සිදු කරන්නේ ? යනුවෙනි.
මහ රෑ 12 පසුවන විටද හොඳ ප්‍රතිචාරයක් නොමැති කළ... "මා වෛද්‍ය අධිකාරි තුමිය ඇමතුවෙමි. පැය තුනක් තිස්සේ මම මේ වෝමර් එක යට දරුවෙක් රිසසිටේට් කරලා ඇම්බෝ කරමින් ඉන්නේ... කියමින් icu ඇඳක් නොමැති කම ගැන කියූ අතර, අප විශේෂඥ වෛද්‍යතුමා පැවසුවේ තමන් පුද්ගලිකව තවත් රෝහලක් අමතා ඇඳක් ලබා ගත් නිසා එහි යන ලෙසය.
අප සැනසුම් සුසුම් හෙළමින් දරුවා එහි ගෙන ගොස් බාරදී පැමිණියෙමු,
ඊළඟ දවසේ පාලන අධිකාරීතුමියට මහ රෑ කෝල් කර කියවූ වෛද්‍ය නිළදාරි ජෝන් තුමී ඇතුලු වෛද්‍ය කණ්ඩායමම ලිඛිතව ලියුමක් ලියා දුන්නේ... මෙලෙස ජීවිත අවදානම් ගන්න බෑ එනිසා ඉක්මනින් නොමේරූ දැඩි සත්කාර ළදරු ඒකකයක් ස්ථාපිත කර දෙන ලෙසය. නැත්නම් මෙලෙස වැඩ කරන්න බෑ කියලත් ලීවා. නමුත් එහෙම අපිට "තග" දාන්න බෑ කියලත් අනිත්පැත්තට අහගත්තා. ( නොකරන ස්ට්‍රයික් වලට බැනුම් අහන අපි... රෝගීන් වෙනුවෙන් කරදර වෙන, ඇතැම් විට තදින් කතා කරන, අතර පාලනාධිකාරියට විවිධ තර්ජන ලියුම් ලියන බව ඔබ නොදන්නවා ඇති )
ඉන්පසු එළඹි සතියක කාලයක්... විවිධ සාකච්ජා සහ චෝදනා විමසීම් තිබුනා. අන්තිමේදී අපේ ළමා වාට්ටුවේ හෙදියන් එකඟ වුනා , එහෙම කෙටි කාලීන විසඳුමක් ලෙස අපට ලබා දෙන කුඩා ළදරු ඒකක කොටස අපේ වාට්ටුවට ගන්නත් ( අර විෂ බීජ සහිත ළමා කායික වාට්ටුවට ) ඒ එක්කම එකඟ වුනා ඔවුන් ඒ ළදරුවන් බලා ගන්නත්. ඒකට තමා පරිණත බව සහ කාර් යය පිළිබඳ ඇති විශ්වාසය ( confidence) කියන්නේ කියලයි මට හිතුනේ. ඔවුන් කිහිප දෙනෙක් ළදරු දැඩි සත්කාර ඒකක වල පුහුණුව ලද අය.
අළුත් ළදරු ඒකකයකට ප්ලෑනක් ඇඳ වෙනම ගොඩනැගිල්ලක් ඇති බව පැවසූ පාලන අධිකාරී වෛද්‍යතුමිය එය ඉදිවෙන තෙක් අප වෙත තාවකාලික කුඩා ඉඩක් වෙන් කර ඉන්කියුබේටර් තබා ඉක්මනින් යමක් කරදෙන්න උත්සුක වුනා.
ඇය ගේ ප්‍රතිචාරය සහ ක්‍රියාකාරිත්වය ප්‍රශංසනීය බව මේ සමගම කිවිය යුතුමය.
අර දරුව නම් අර අගනුවර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ශ්වසන මෙවලමට සම්බන්ද කර දිනක පමණ කාලයකින් පසු නැවත අපට ලබා දුන්නා. ඔහු කිසිඳු සංකූලතාවයක් නොමැතිව ප්‍රතිකාර අවසන් ව ගෙදර ගියා.
ඉන්පසු එළඹි සති දෙකකින් පසු මව පියා සමග දරුවා අප වෙත පැමිණියා. දරුවා පරීක්ෂා කර අවසානයේ, මවත් පියාත් මා හට එක හෙළා කියූවේ මා දරුවා බේරාගත් නිසා ඔහුට නමක් දැමිය යුතු බවය. මට සතුටු කඳුළු ඇස් වල පිරුණු බව දැනිනි.
මා ඔවුන්ට පැවසුවේ මා එයට සුදුසු කෙනෙක් නොවන බවත් ඔවුන් දරුවා උපන් වේලාව අනු නමක් යොදන ලෙස ඉල්ලුවත් ඔවුන් ඒ වෙන විටත් ගෙන ආ අකුරු පෙන්වමින් කීවේ මා විසින්ම දරුවා නම් කළ යුතු බවය... මවගේ මුල් අකුර සහ තාත්තාගේ මුල අකුර අසා කදිම නමක් තෝරා දුන්නේ ඔවුන්ගේ පෙරැත්තය සහ වැඳ වැටීම් නිසාය. "මම එදා සීසර් එකෙන් පස්සෙ ඒ කාමරේ ඉන්නකොට මම දැක්කා ඩොක්ටර් වෙහෙසුණු හැටි" ඒ මව සියල්ල බලාගෙන හිඳ තිබේ. ළදරු වන් දමන වෝමර් එක ආශ්රිත කොටස ඇත්තෙත් සැත්කමට පසු ප්‍රකෘති කරන (රිකවරි) කොටසේය. මවත් පියාත් අද බොහෝ සතුටෙනි. ඒ ඔවුන්ගේ කුළුඳුල් දරු පැටියා ය
ඉන්පසු ඒ දරුවා සෑම මසකම දුටුවත් ඔහුගේ වර්ධනයේ අමුත්තක් නොතිබිනි.
- Pics: our neonatal care area