අවුරුදු 8 පාවිච්චි කරපු ලැප්ටොප් එකත් කැඩිලා ලිවීම ඇණ හිට තිබුනත් ෆෝන් ඇප් එකක් මගින් මෙසේ ලියන්නෙ හුස්ම ගන්න අකුරු වලට ඔක්සිජන් සපයන ඒ සොදුරු සහොදරකම වෙනුවෙන් නෑවිදින් කොහොමද ....
මගේ පොත ගැන ඔහු ලියූ සංවේදී සටහන මා බ්ලොග් ලිපියක පළ කරන්නේ ඒ සහෝදර ලෙංගතුකමට උපහාරයක් ලෙසය... හුස්ම ගන්න අකුරු අප හිත් සසල කරනවාට පුදුමයක් නැත!
හැන්දෑවේ බේස්ලයින් වලින් සෙනඟ පිරුන කෝච්චියට නැගලා මහරගමට යන ටිකට මම 'අනිත්කොන' කියවා හමාර කළා.ඒ අතරේ කීප විටක්ම ඇස් තෙතබර කිරීමේ 'සොඳුරු දඬුවම'ඇය මවෙත උදාකොට දී තිබුණා.පොත එලිදැක්වීම මගහැරීමේ වරදට එම දඬුවම දුන්නාදැයි මට නොසිතුනාම නෙවේ.
ආශ්චර්්යයමත් රටක් හැදීමේ 'ප්රොජෙක්ට්'එකකින් හිරිවැටුන අපි මේ පුංචි රටේ මොනතරම් ඛේදනීය පරතරයක ජීවත් වෙනවාද?වකුගඩු නරක්වීමත් ඇස් පනාපිට මරණයේ සේයාව පෙනීමත් ඒ අතරේ ජීවත්වීමත්,දුප්පත්කමේ චණ්ඩ තාපයෙන් එක් කොනක් දැවෙන සේයාවත් ඇය 'ඇස් අසනීප'වෙන විදිහට ලියනවා.
ගුරුවරයෙක් අකුරු උගන්වන්නෙක් විතරක් නෙවේ......ගොවියෙක් කුඹුරු කොටන්නෙක් විතරක් නෙවේ,සොල්දාදුවෙක් ගිණිබිඳින්නෙක් විතරක් නෙවේ,වෛද්යවරායක් ශරීර ලෙඩට බෙහෙත් දෙන්නෙක් විතරක් නෙවේ කියලා ඔප්පු වෙන්න Bodhini අක්කා ලියපු මේ අසිරිමත් පොත් දෙක කියවන්නම ඕනා..." රන්ජිත් කුමාර සමරකෝන්
එපමනක් නොවෙ එවකට ගැබිනියක වුනු මා වෙහෙස නොකර දුරකථනය ඔස්සේ කතා කොට මගේ සම්මුඛ සාකච්ජාවකුත් ගෙන ලක්බිම පුවත්පතේ පල කරා කිසිදා නොදුටු අමුත්තෙක් වුනු මට ඒ දුන් සහය අනූපමේයයි...
එමි
ReplyDeleteඑමි
ReplyDeleteමමත් එමි.. හමුවෙමු අද හවස...
ReplyDelete