වන්නි මෙහෙයුමෙන් පසු හැර ගිය පෙම්වතා අවුරුදු 7 කින් නැවත පැමිණේ , එනමුත් ප්‍රේමය වියැකී ගොසිනි .
මෛදලීයි මායි එකම වයසේ. ගිරව් දෙන්නාගේ කතාව මෛදලීට කීවේ මං. ඒකෙන් එයා එහෙම වෙන්නත් මම මෙහෙම වෙන්නත් හේතුව සමාජ පසුබිම කියලා එයා තේරුම් ගත්තා. වෛරය නැතිම කර ගත්තා. එයාට ඕනෙ වුනේ නිදහසේ ලූණු වවන්න. ඇයි ලූණුම ඇහුවම.. අනික්වත් වවන බව කීවා. අපි සැරයක් යද්දි හිටියේ අර ලානිල් පාට ටෙන්ට් ගහගෙන එයාලගෙ ඉඩම්වල වගා කරමින්. ඒ කූඩාරම් ජීවිතේ ගෑනු ළමෙක්ට කිසිම ආරක්ෂාවක් නෑ කීවට එයා පිළිගත්තේ නෑ. අම්මා එක්ක එහෙමම හිටියා. මම කොළඹ ආවා. මුහුණු පොත සම්බන්දකම් වැඩි දියුණු කළා. හරියටම අවුරුදු හතකින් එයා එහෙම කියද්දී, ----කුලම ට ගිහින් අඬන්න ඕනේ කියා තව කෙනෙක් දුක් වෙනවා.අපි වගේම මෛදලීත් දුක දමා ගැහුවේ වන්නි අහසට ... ගොඩක් දේවල් අහිමි වුන මැයි අග... අපේ කතා ලීවේ නැද්ද අහන ඒ සොඳුරු හිත මතක් වෙලා මෛදලී වෙනුවෙන් මේක ලීවා.
I met her during wanni days. She had a good insight about what was happening and always regretted her past. I had to tell her a story from jathaka kathaa, where two parrot brothers end up in two different societies when socia norms stressors and situations shape up and sharpens one's life into its current state. She loved that i was different from a typical doctor mainly because I was young. I remember seeing her land and the light blue tent she lived in the beggining of resettlements.
හිත දරා පිපුණා
ගැබ්බර සෙනෙහෙ මල් මිට
නුඹ තලා උදුරා
ගබ්සා කළා ප්‍රේමය
මගෙ කියා කිසිවෙක්
ඉතිරි නොවනා මැයි අග
දුක දමා ගැහුවේ
ගිනිගත් වන්නි අහසට
ඉරිතැලුණු හදවත්
පණ බුදින පිපිරුම් මැද
ඉතින් අපි ඉවරයි
නැගෙන සැමරුම් ලද
වෙර නැගෙන මායිම්
එපිට පැන තල් වැට
දුක ඉතින් කීවේ
ගිනිගත් වන්නි අහසට
මල් දරා පිපුනා,
තහනම් කෙරුණු ගස්වල
ඒ තලා කොනිතා
උගුළා දැමූ හිස් කුස
නුඹ නමින් පූදින
කඳුළක් නේවි කිසි දින
සාප දෙස් තිබ්බෙම
ගිනි ගත් වන්නි අහසට
එදා උන් මම නොව
වෙනත් කෙනෙකුන් නොව
දරාගත්තම පෙම
ගලක් වෙනවලු හිත
නේන තරමට හොඳ
හෙටක් හිමි නැති කය
දිනෙක මුදනෙමි මමත්
ගිනිගත් වන්නි අහසට
බෝ සමරතුංග 2017
Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Pages
▼
Saturday, December 30, 2017
Friday, December 22, 2017
හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද ?
හරියට වැඩෙන්නත් කළින්, ඔයා හිත හදන් එන්නත් කළින් ඔයාට එන්න වැඩ සිද්ධවෙනකොට, හුස්ම ඉල්ලගෙන ආපු ඔයාට හුස්ම නොදී කොහොමද පුතේ...
අම්මාටත් එපා වුණු ඔයාට හොර ගබ්සා මධ්‍යස්ථානයේදිම පරලොව යන්න සිද්ධ නොකර හදිසියේම අපි ඉන්න හවසක රෝහලටම ඒගන්න ඒ අම්මාට සිදුවුනේ දෛවයේ හාස්කම නිසා. ඒක වාසනාවද අවාසනාවද කියලා මම දන්නේම නෑ පුතේ...
ඔයාව ජීවත් කරවපු එක අපි කළ වැරැද්දක්ද දන්නේ නෑ පුතේ. අපිට උගන්වලා තියෙන්නේ ජීවිත ජීවත් කරවන්නයි !
අම්මාට අමාරුවෙනකොට හොර ගබ්සා මධ්‍යස්ථානයෙන් රජයේ රෝහල් වලට පටවන එකයි කරන්නේ. අම්මාගෙත් ජීවිතේ අනතුරේ.
අම්මෙක්ට ඒ තත්වෙට පත්වෙන්න හිත හදාගන්න පුළුවන් තරමට සමාජය පිරිහිලා. ඒ අම්මව ඒ තරම් අසරණ කරපු මිනිහෙක් කොහේ හරි ඇති. සමහර විට මේ පුතා බරක් වෙන්න තරම් ඒ දෙන්නම අසරණ ඇති. සති විසි ගාණක් වෙද්දි මෙහෙම කරන්න හිත හදාගත්තෙ කොහොමද කියලා අපි ඇහුවේ නෑ. අපේ කලබලය අස්සේ මම දැක්කා ඔයාගේ අම්මා අඬනවා. ඔයා නියමිත කාලයක් හිටියනම් හොඳ වැඩුණු බබෙක් ලෙස එළියට එන්න තිබ්බා.
ඇම්බෝ, ලැරින්ජොස්කෝප්, ටියුබ් ඔක්සිජන් මේ සියල්ල ළඟට අරන් අපි ඔයාව ජීවත් කෙරෙව්වා. ඔයාව ශ්වසන මැශිමක් තියෙන රෝහලක් හොයාගෙන ඒකට ගිහින් සම්බන්ද කරනකම් ඔයා හුස්ම ගත්තා තනියම. ඔයා හරි ශක්තිමත් කියලමයි අපිට හිතුනේ පුතේ....
ඒ වෙලාවේ ඉඳන් මම හරිම හිතේ මහන්සියෙන් හිටියේ , සංවේදී මිනිස්සු නිසා ලොකු දුකක් දැනෙනවා.
දරුවෝ නැති මගේ යහළුවෝ අනන්ත දුක් වෙනවා. එයාලට දරුවෙක් නැති දුක තේරෙනවා.
සමහර විට ඔයාගේ අම්මත් දුක් වෙනවා ඇති. ඔයාව අපිට ජීවත් කරන්න වුනා. සමහර විට එයාට වෙන කරන්නම දෙයක් නොතිබෙන්න ඇති. සමහර විට... මම දන්නේ නෑ. මම මොකුත් ඇහුවේ නෑ.

සමහර විට ඔයාව ළමා නිවාසෙකට බාර දෙයි. සමාජෙට වෛර නොකරන කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගැහැණු සහ දරුවන් අසරණ නොවන සමාජයක් බිහි කරන්න ඔයාටවත් පුළුවන් වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා !
දරුවන්ට , තරුණ තරුණියන්ට හරි ලිංගික අධ්‍යාපනයක් දෙන රටක් සමාජයක් බිහිවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. තමන්ට බරක් වෙන දරුවෙක් වෙනුවෙන් හරි උදව්වක් ඒ අම්මලාට ලැබෙන ක්‍රමවේදයක් මේ සමාජෙට අවශ්‍යයි කියා මම තරයේ විශ්වාස කරනවා. එතකොට ඒ අම්මලාට දරුවෝ බරක් වෙන එකක් නෑ.

උපදේශනය, දරුවා වැඩෙන තෙක් බිහිවන තෙක් රැකවරණය මේ අවිවාහක අම්මලාට ලැබේනම් මේ ලෙස අතර මැද දරුවන් අසරණ නොවෙන්නත් ඉඩ තිබුනා. සමාජ භීතිකා බවට පත් කර, අවජාතකයා යැයි ලේබල් ගසන්නේ නැතිනම් මේ තනිකඩ අම්මලා දරුවන් හදාගන්නත් ඉඩ තිබ්බා.
බොහෝ වෙහෙස හිතත්, මේ දරුණු ඛේදවාචක දකින නෙතත් නිතර දුක් වෙනවා. මේවා හිරකරගෙන ඉන්න බැරි නිසා සටහන් කර තබන්න සිතුවා.
මේ බබාට අන්දන්න ඇඳුම් උණුසුම් කරන්න තුවා සියල්ල තිබුනා... මගේ යෙහෙළියන් සැරින් සැරේ ගෙනත් දෙන අළුත් නැපි ගවුම් කොට්ශීට් නිසා 💞
wrote this a while ago after resuscitating a 27 weeks old baby,
unmarried mom, didnt know what to do so looked for help in an illegal abortion place but came to hospital when things go horribly wrong. Im just so so so so angry with the whole world right now ! why do we need to bring babies to this world to suffer like this! (probably last few resuscitations .. 😔)

Wednesday, December 20, 2017
ඇඳලා හරි කියා දෙන්න !
අම්මෙක් සහ දරුවෙක් අපේ රෝහලේ සායනයකදි මුණ ගැහුනා,අප වෙත යොමු වෙන මේ දරුවට වෙනත් තැන් වලින් ඇදුම රෝගයට ඉන්හේලරය දුන්නට හොඳක් වෙන බවක් නෑ.නිතරම ඇදුම රෝගය උත්සන්න වෙනවා. මම ඇහුවා ඇගෙන් කොහොමද මේ බෙහෙත පාවිච්චි කරන්නේ කියලා, අම්මා කියනවා කිඹුහුම් යද්දි, කැස්සක් ආවොත් විතරයි පාවිච්චි කරන්නේ කියලා. ඒ කියන්නේ ඇයට රෝගය ගැන පැහැදිලි කිරීමක් ලැබිලා නෑ.
මම වෙනදා වාගේම රූප සටහන් ඇඳලා දුඹුරු ඉන්හේලරයෙන් වෙන්නෙ මොනවද නිල් එකෙන් වෙන්නේ මොනවද , පෙනහළු නාල සහ ගර්ත පිහිටන්නේ කොහොමද කියලා වෙලා අරන් කියා දුන්නා වැඩි වෙලාවක් කතා කරන්න වුනත් "අනේ ඩොක්ටර් මම දැනන් හිටියේ නෑ අම්මෝ මම දැන් ඉදන් හරියට පාවිච්චි කරන්නම්" කීවා. ඒ අම්මටත් ඇදුම.
"රෝගියාගේ රෝගය ඔවුන්ට වටහා දුන්නම ඔවුන් ඒක ගැන සැලකිලිමත් වෙනවා. ඒනිසා මේ බෙහෙත බොන්න කියලා බෙහෙත් ටික ගුලි කරාට මදි බෙහෙතෙන් එයාගේ රෝගය නැති කරන හැටි කියලා දෙන්න ඕන" විශේෂඥ වෛද්‍ය චම්පා ජයසුන්දර මහත්මිය අපි ශිෂ්‍ය අවධියේ පැවති සායනික පුහුණුවකදී කියා දුන්නේ, පෙනහළු දෙක පෑනෙන් කොළේ මත අඳිමින්.
"ඇදුම කියන්නේ..." කියමින් ඇය ගර්ත වලට වාතය යන හැටිත් නාල වල බිත්ති ඉදිමෙන හැටිත් දුඹුරු පාට ඉන්හේලරය වැඩ කරන හැටිත් නිල් පාට එකෙන් කරන්නේ මොකක්ද යන්නත් රූප සටහන් සහ තේරෙන වචන වලින් රෝගීන්ට කියා දෙන අයුරු අපි බලන් සිටියෙමු.
බොහෝ රෝග වලට හේතුව මිනිසුන් ධර්මය නොදැනීම බව ඇය නිතර දහම් කරුණු කියා දුන් අතර එකල එය අපිට නොදැනුනත් අද බොහෝ සෙයින් දැනෙනවා.
ඇය ගැන අපට ඇය කියා දුන් සායනික කරුණු වගේම ජීවන කරුණුත් මතක් වෙනවා.
අපට හිටිය එවන් උතුම්.ගුරුවරු අපට කීවේ වඩා හොඳ වෛද්‍යවරු වෙන්න කියලයි. මට ඒක තිස්සෙම මතක් වෙනවා.
"ඩොක්ටර් මොකෝ.මේ රූප ඇඳලා කියා" අපි ලියන කොළ වල කොනේ රූප සටහන් පෙන්නා මිස්ලා අහනවා. ඒ කියන්නේ මම රෝගය අම්මාට පැහැදිලි කරා. ඒ විතරක් නෙමේ , explained her child's health status in her native language. කියලත් ලියනවා. එහෙම ලියන්න අපිට පුරුදු කළේ උතුරේදී කායික රෝග වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරිය වූ අරුල්චෙල්වම් මහත්මිය. මොකද සිංහල වෛද්‍යවරු නමුත් රෝගීන් දෙමළ, කොච්චර හොඳින් දෙමෙළ කතා කළත් මොකක් හරි අවුලකදී රෝගියා කියන්න පුළුවන් "ඩොක්ටර් කිව්ව එක තේරුණේ නෑ" කියලා. එහෙම දේවල් වෙලා තිබ්බා ඒ පැත්තේ ඒ වෙනකොටත්.
රෝගීන් විශාල ප්‍රමාණයක් එක්ක මේ තරම් කතා කරන්න අමාරු බව මම දන්නවා. ඒත් අපි එතැන ඉන්නේ ඔවුන්ට උපරිමය කරන්නනේ. එනිසා මම ඒ උපරිමය කරනවා. මට එනිසා හිත සතුටෙන් නිදහස්ව ඉන්න පුළුවන් !
මට තව කතාවක් මතක් වුනා මේක වුනේ මෙහෙදි... දරුවෙක් ලැබෙන්න පමා වෙනවා දරුවගෙ හාට් රෙට් එක අඩු වෙනවා කියලා මට ඇමතුමක් ආවේ ප්‍රසූතිකාගාරයෙන්... හදිසි තත්වයන්ට අවශ්‍ය මෙවලම් සූදානම් කරගෙන, මාත් බලන් හිටියා, දරුවා ඉපදෙනකම්,
දැන් මට ඇහෙනවා, මිස්ලා විධාන දෙනවා, කාරුණිකව , ඇත්තටම ඔවුන් අම්මලාට විශාල කරුණාවක් දක්වනවා.
මට ඇහුනා ඒ අම්මාට " උංගි අම්මාහ්" කියලා කියවෙනවා. ඒක උතුරු කොනේදී අපට නිතර ඇහුණු වචනයක්. මේ අම්මට සිංහල බැරිව ඇති මට එකපාරම හිතුනා. මම කණ ළඟට ගිහින් ඇහුවම කීවේ ඔව් ඒ තරම් තේරෙන්නෙ නෑ කියලා. මම දෙමළෙන් අම්මා කරන්න අවශ්‍ය ටික කියා දුන්නා.
"පුල්ල පුරන්ද නේරම් මුක්කොනම් අම්මා, වෛර පාත තොඩන්ද මුක්කෝනම්, කාල කුත්තු මඩිංග , මුක්කුංග.." ඔන්න ඔහොම මට පුළුවන් සේරම කීවා. ඔහොම කියමින් අම්මාට සවි දෙමින් අම්මාව ඒ සඳහා යොමු කළා.
ඊළඟ මිනිත්තුවේ අම්මා තටමලා දරුවා එළියට ආවා. අපේ මිස්ලා තල්ලු කරන්න තටමන්න එවන්න එවන්න කියනවා අම්මට තේරෙන්නෙ නෑ. ඒවගේ තමයි. කෙනෙක්ට තේරෙන්න දෙයක් ඒ අයගේ බසින් කියන්න ඕනේ. එහෙම කියලා දුන්නම ඒ අය ඒ බෙහෙත හෝ ක්‍රම වේදය පිළිපදිනවා.
"මේක ආසාධනයක් ඒකට මේ තරම් කාලයක් ප්‍රති ජීවක බොන්න ඕනේ. ඒකට හේතුව , පරීක්ශන මගින් හොයාගෙන තියෙනවා ඇඟේ බැක්ටීරියාව නැති කරන්න යන කාලය. මොකද එයාලගේ වර්ධන වේගය හරි වේගවත්. බෙහෙතෙන් විනාශ නොවී ඉතිරි වෙන අය දෙගුණ තෙගුණ වෙන්නෙ හරි ඉක්මනින්. එනිසා උණ හොඳයි ඇඟට හොඳයි කියලා මේක නවත්වන්න එපා. අපි කියන කාලයම බොන්න වේල් අතර පරතරය තියන්න. කලාතුරකින් මේ වගේ අතුරු ආබාධ එන්න පුළුවන් ඒත් රෝගය එක්ක ගත්තම ඒවා හරි සුළු යි. හැමෝටම එන්නෙත් නෑ."
ඔහොම කියා දෙන්න වැඩි වෙලා ගත්තත් එහෙම කරන එකෙන් හිතේ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් අපි රෝගීන් වෙනුවෙන් උපරිමය කළා නේද කියලා.
ටික කළක් නිහඬව උන්නේ, නිදහස් වෙළඳ කලාපයේ ළමයින්ගේ සෞඛ්‍ය ගැටළු ගැන අධ්‍යයනයක් කරන්න ලැබුන නිසා. ඒ ගැනත් ලියමින් ඉන්නේ මේ කාලය වෙන විට ඒ ටිකත් ඉක්මනින් ලියන්නම්.

Tuesday, December 19, 2017
කිරි දොවලා දෙන්න මිස් ! නිතර ඇසු දුටු කඳුළු...
කොරිඩෝවේ සිටියේ ඇය ය. මා සොයමින් සිටි බවක් කියයි.
“මොකෝ මාව හොයන්නේ”
“අනේ ඩොට්ටර් කිරි දොවලා දෙන්න”
ඇය හැමෝටම ආමන්ත්‍රණය කරන්නේ ඔහොමය.ඔය කියන දවසට පෙරේදා හවස හදිසියේ රෝහල් ගතවුණු මේ අම්මා අඩුම අඩු බර බිළිඳියක ප්‍රසූත කළාය. පෙරේදාට කළින් දා, රෑ සිට ප්‍රසව වේදනා සමග වතුර යන්න පටන් ගත්තාට කිසිවෙක් කියන දෙයක් වගේ වගක් නොකර හිතුමතේ ගෙදරට වී උන් ඇය පසුවදා කුදලාගෙන රෝහලට ගෙනැවිත් තිබුනේ නැන්දම්මා ය. ඒ තරම්ම අඩු සමාජ දැනුම ද බුද්ධි හීනතාවයද ඇගෙන් පෙන්නුම් කරයි. ඇයද ස්නායු රෝග තත්වයකින් පෙලේ. දරුවා දැන් සිටින්නේ, අප හදිසියේ අටවා ගත් වීදුරු කාමරයේ ඉන්කියුබේටරයේ ය. පැය 18 කට ආසන්න කාළයක් ඇම්නියෝටික තරලය පිටතට කාන්දුවෙද්දී ගෙදර සිටි හෙයින්, දරුවාට ආරක්ෂාව සලකා, ප්‍රතිජීවක ඖෂධ එන්නත් කරයි. ඔක්සිජන් සම්බන්ධ කරන නාල නහය අසලට සවි කර තිබෙන්නේ,හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා ය.
පෙරේදාට කළියෙන් අම්මා උන්නේ ප්‍රසව වාට්ටුවේ ය. දරුවා අප වාට්ටුවේ වීදුරු කූඩුව තුල ය. අම්මාට ඇවිත් යා හැකිය. එහෙත් ඇය දැඩි ව්‍යාකූල බවකින් සිටියා ය. අප ඇය එහි හිඳුවා දරුවා ඔතා ඇයට දුන්නේ කිරි දීමට ය.
“කිරි එන්නෑ” කියමින් ඇය කිරි දීමට අදි මදි කරයි. බොහෝ කල් අරන් විවිධ අයුරින් කිරි මිස් නමින් හඳුන්වන මව් කිරි දීම පිළිබඳ උපදේශනය සිදු කරන හෙදියද දැඩි වෙහෙසක් දරන්නේ ඇයට සහ දරුවාට නිසි ලෙස මව් කිරි දීගත හැකි ලෙස සම්බන්ධ කිරීමටයි.
අවසන සියලු උපදෙස් ගඟට කැපූ ඉනි මෙන් විය. දොව දොවා කිරි දෙන ලෙස උපදෙස් ලැබිණි. කියා දී කරන්නේ නැති තැන මිස්ලා මහන්සිය නොබලා තමන්ම දොවාගෙන අර දරුවාට කිරි පෙව්වෝය. මගේ වැඩ මුරය වෙලාවේ මම හිතුවේ කොහොම හරි කියා දෙනව කියලා ය. ඒ වෙද්දි, මන්ද මානසික දරුවන්ට පවා යම් යම් දේ කියා දී මගේ ආත්ම ශක්තිය ඒ ගැන බොහොම ඉහළ තැනක තිබුනාය.
වැඩි හොඳට ග්ලවුස් දෙකක් දමා,(බිළිඳා අඩු බර නිසා රෝග බෝවීමට වැඩි අවධානම් ඇති නිසා) මගේ අතින්ම දරුවා අල්ලා ගෙන දරුවා සහ මව කිට්ටු කරගෙන , නිවැරදි ලෙස ස්ථාපනය කරන හැටි, ඉරියව්, සහ ක්‍රමවේද බොහොම ආදරෙන් කියා දුන්නේ, පුතේ පුතේ කියමිනි. මොකද ඇය තවම දහ නම වියැති පොඩි එකෙක් වගේ හිතන අම්මෙක් නිසා.
“දැන් හරි වැඩේ, ඔන්න මං කියා දුන්නා” යැයි කියමින් මම ජයග්‍රාහී අයුරින් ආවෙමි.
මගේ උත්කර්ෂවත් බැලුම පුපුරා යන්නට ගතවුනේ මිනිත්තු කිහිපයකි.
“බොන්නෑ මිස්” නැවත ඇය වැරදි ඉරියව්, වැරදි ක්‍රමවේද සහිතව බෙරිහන් දෙන ළදරුවා ඔසවාගෙන අප සහය පතයි.
අන්තිමේ මට වුනේ ඇයට කිරි දොවා දීමටයි. දොවා දුන් කිරි ටික ඉන්කියුබේටරයේ සිට රැහැයියෙක් මෙන් අඬන දරුවාට පොවා දරුවා නළවන්නට සනසන්නට වුනේ අප හෙදියන් ටය.
අම්මාට එහෙමවත් හැඟීමක් නොවී ය.
ඊළඟ කිරිවේල දොවා ගන්නට බැරුව මාව හොයාගෙන වාට්ටුව පුරා ඇවිද්ද අම්මාට අන්තිමේ අපි දොවා දෙනවා වෙනුවට හෙමි හෙමින් එයාම දොවා ගන්නා තැනට එනකම් ඒ අම්මාව ඒ දේ කරන්න යොමු කළා නැත්නම් එයා පුරුදු වෙන්නෙම නැති නිසා. පස්සේ අපි ආච්චිව ගෙන්නගෙන එයාට පුරුදු කළා.
කෙසේ හෝ ඇය සුව වී ඇගේ දරුවාත් සුව වී ගෙදර ගියෝය. විටින් විට ආවෝ ය. සායනයට ද එන්නට දින නියම කර දුන්නෙමු. අපේ සායනයට ආ විට අතින් අල්ලාගෙන ගොස්, ප්‍රසව හා නාරිවේද සායනයේ වෛද්‍යවරයා හමුවී ඔවුන්ගේ තත්වය සහ මවගේ රෝගී තත්වය ගැන දන්වා ඇයට අවශ්‍ය උපත් පාලන ක්‍රමයක් සකස් කර දෙන ලෙස ද පැවසූවෙමු. එහෙත් ඇයට ඒ සියල්ල මග හැරී තිබුනි. ඒ දෛවය යැයි මට සිතේ.
ඉන්පසු ඇය දැක්කේම නැත. කාලෙකින් නැවත අප සොයාගෙන පැමිණියා ය.
“මිස් බබාට උණ, කන්නෙ බොන්නේත් නෑ.”
අප දුටුවේ ඇය යළිත් ගැබිණියක බවයි.
ඇයට පසුගිය මාස් ශුද්ධිය ඇතිවූ දිනයක් ගැනවත් නිච්චියක් නැත. දැන් තියෙන්නේ මේ ඉන්නා අවුල ලිහා ගැනීම ය.
දැන් දරුවාගේ රෝගී තත්වය ගැන එකින් එක මම විමසමින් සිටියෙමි.
“දරුවා සෑහෙන්න දුර්වලයි වගේ. මේ බරත් අඩුයි අම්මා. මොනවද කන්න දෙන්නේ. ?”
“උදේට බත් දෙනවා... “ ඇය කියන්නට පටන් ගනිද්දීම
ඇගේ නැන්දම්මා පැවසුවේ ඇය පිස යන අහර ටිකවත් දරුවාට කවා ගන්නේ නැති බවයි.
දවස තිස්සෙම පිටි කිරි දියකරමින් දරුවාගේ කුස පුරවන මේ අම්මා, මන්ද මානසික තත්වය නිසාම එසේ කරනවා විය හැකියි. අපි දින ගණන් වෙහෙසිලා, අම්මාටත් ආච්චීටත් උගන්වා මව් කිරි දීමටත් මව් කිරි දොවා දීමටත් වූ වෙහෙස ගඟට කැපූ ඉණි ලෙස දිය කර හරින්න, ඔවුන්ගේ හංදියේ ඩිස්පැන්සරියේ දොස්තර කෙනෙක් සමත් වී තිබුනා. ඒ මාස තුන හතරෙන්ම දරුවා අඬනවා කියමින් එහි ගිය ඔවුන්ට පිටි කිරි ලියා දීමෙන්.
මව් කිරි දිය හැකිව තිබියදී මොවුන් තම ආර්ථික අපහසුතා සහ ජීවන අර්බුද වලට තවත් කරදරයක් එක් කරගනිමින් තවත් සල්ලි වියදම් කරමින් කිරි පිටි දෙන්නට පටන් ගෙන තිබුනි. මව් කිරි දීම ප්‍රචාරණය කරන්නට විශාල ක්‍රියාවලීන් පවුල් සෞඛ්‍ය කාර්‍යාංශය මගින් ගෙන යයි. එය ප්‍රචාරණය කරන්නට, පවත්වාගෙන යන්නට, වෛද්‍යවරුන්, හෙදියන් , පවුල් සෞඛ්‍ය සේවිකාවන් පුහුණු කරති. එහෙත් ඒ මහන්සිය වතුරේ යවමින් ඔවුන් කෙටි පාරවල් සොයා ජීවිතේට තවත් කරදර එකතු කර ගනිති.
මේ අම්මා රැකියාවක් නොකරයි. ඉන්නේ ලෑලි ගෙවල් වලින් පිරි, අනවසර ප්‍රදේශයක පිහිටි මුඩුක්කු පරිසරයක ය. ඔවුන්ට විදුලිය පවා නොමැත. සැමියා කුලී වැඩ කරයි. නැන්දම්මාද කුලී වැඩ කරයි. එතකොට ඔවුන් සෑහෙන ප්‍රමාණයක මුදල් කිරි බෝතල් සහ කිරි පිටි සඳහා වියදම් කළ යුතුයි. අපි මාසයක් තිස්සේ මතුරපු මන්ත්‍රණය ඔවුන්ට තේරෙන්නේ නැත. ඔවුන් සිතන්නේ කුමකින් හෝ හඬන දරුවාගේ බඩ පිරෙව්වොත් හරි කියා ය. ඉන් ළදරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට වෙන වෙනස්කම් ගැන කියවන්නේ නැත. දන්නේ නැත. ලෙහෙසිය පමණක් බලයි. මව් කිරි වලින් දරුවාට ලැබෙන ආරක්ෂාව හෝ පෝෂණය ගැන වැටහීමක් නැත. දරුවා බොහෝ රෝග වලින් මුල් කාලයේ ආරක්ෂා කරන්නේ මව් කිරි ඔස්සේ දරුවාට ලැබෙන ප්‍රතිදේහ මගිනි. ප්‍රතිශක්තිකරණය සඳහා එය වඩා වැදගත් ය. එමෙන්ම එයින් දරුවා සහ මව අතර සම්බන්ධතාවය වැඩි කරයි. දරුවා පසු කාලීනවද බොහෝ රෝග වලින් ආරක්ෂා කරයි. මවගෙන් ළදරුවාට කෙළින්ම දිය හැකි නිසා, ඇසුරුම් වල බහා දීම තැම්බීම මගින් ඒ ඇසුරුම් ජීවානුහරණය කිරීම සිදු කළ යුතු නොවේ එනිසා බොහෝ ආහාර ජීර්ණය සම්බන්ද රෝග වැලකේ.
“කියන්න බලන්න කොහොමද හෝදන්නේ කියලා බබාගේ ආහාර දෙන උපකරණ. කොච්චරක් දෙනවද කිරි” ඒක බලන්නම ඕනේ බොහෝ විට මේ බඩයෑම් හෝ රෝගකාරක එයින්ම සොයා ගත හැකිය.
“මේ බෝතලෙන් එකක් දෙනව මිස්. කියමින් ඇය එළියට ඇදගත් බෝතලය දුටු මට, හිත ඇතුලෙන් අනේ අපොයි කියැවිනි. මීයන් කා තිබූ වාටියත්, දරුණුවට හීරී තිබූ එළියත් ඇතුලත් අවපැහැයත් කියා පෑවේ මේ ජීවන ක්‍රමයේ ලක්ෂණයයි. හිත ඇතුලෙන් සුසුමන් රාශියක් නැගුනි.
දැන් මාස 8ක් තිස්සේ දරුවාට කිරි දෙන්නේ මෙයාකාරයෙනි. මේවා ලිවිය යුත්තේ, අප මුහුණ දෙන්නේ මෙහෙම සමාජ ප්‍රශ්නවලට බව ඔබ දැනගත යුතු නිසා ය. මේ තරම් සංවේදනා වෙන කිසිම වෘත්තියක දකින්නේ දැනෙන්නේ නැතුවැති කියා මට සිතේ.
“කොහොමද මේවා හෝදන්නේ”
“මම උදේට තම්බලා දෙනවා, ඒත් දවස තිස්සෙම මේ එකම බෝතලේට කිරි දම දමා හදලා දෙනවා මෙයා. මම එනකම්ම” නැන්දම්මා කටහඬ අවදි කරයි.
“කොහොමද හෝදන්නේ”ඒවෙද්දිත් වටේ බැඳී තිබූ කුණු කහට නිසා ඇසුවෙමි.
“වැලි ටිකක් දාලා හොලවනවා”
“වැලි කොහෙන්ද ?” මම විස්මය සඟවාගනිමින් විමසුවෙමි. වෛද්‍යවරුන් ලෙස අපි කිසිවෙක් විනිශ්චය කරන සුළු වදන් නොකියන්නට වග බලා ගන්නෙමු.
“ගෙදරින් එළියේ බොරළු වැලි” ඇය මේ පවසන්නේ, නිතර ගංවතුර ගලන, ලෑලි පුරවරයේ ඇති මිදුල් ගැනය. තවත් ඔවුන් වෙහෙසා පලක් නැත. හෙටම මේ සඳහා පිළියමක් යෙදිය යුතුයි. ඇය දරුවාට කිරි දෙන්නේම නැත. කිරි නැති බව පවසයි. මාස අටක් තිස්සේ කිරි දීලාම නැත. දැන් මේ ප්‍රශ්නෙ ආපසු හරවන්න සෑහෙන්න අපහසුයි ඇය දැන් ආයෙත් ගැබිණියක් ! තවම දිනයක් හෝ මාසයක්වත් නොදන්නා ගැබිණි තත්වයක්.
රෝහලෙන් මවට දරුවාට අවශ්‍ය කෑම වේල සපයා දෙනු ලබනවා. ඇය ඒ ගමන්ම සායනයට යොමු කර ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ ස්කෑන් මගින් දරුවා ලැබෙන දින නිර්ණය කරගත්තේද අප ඇය ඒවෙත යොමු කරගනිමිනි.
මේ කතා බහ යහළුවන් වෙත ලියා තැබූ විට ඔවුන් ද වහා වහා උදව් මා වෙත එවීය. මගේ නිවස පීරා අවශ්‍ය ආහාර බහාලුම්, ඇඳුම් සහ සපත්තු සොයා ගත්තෙමි.
උදානි නංගී, හේෂිනී අක්කා, නිවී සහ ඉරූෂා අක්කා, තව බොහෝ දෙනෙක්ට දෙන්නට තරම් රෙදිපිළි ආහාර කිරි බහාලුම් සහ බොහෝ දේ අප වෙත එවී ය.
මේ අතර මේ කතාව ඇසූ මගේ බ්ලොග් සගයෙක් වන කිඹුලී හෙවත් ෂානු විජේතුංග “අක්කේ මොනවද ඕනේ” කියමින් අසා ඇගේ යෙහෙළියක අතේ, මේ මවගේ ඊළඟ දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය සියළුම දේ එවා තිබුනා. අපි ඒවා රැගෙන ගොස් ඇය නැවතී සිටි ප්‍රසව හා නාරිවේද වාට්ටුවේදි ඇයට ඒවා දුන්නා. ඇය සතුටු කඳුළු වගුරමින් ඒවා ලබා ගත්තා.
“අනේ ඩොක්ටර් ඒ අම්මා හරියට සතුටු වුනා” පහුවෙනිදා ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ මිස්ලා පැවසුවා.
අපි කරන්නේ මේවගේ තාවකාලික පැලැස්තර හොයලා අලවන එක. රෝගා බාද පොඩි කාලෙකට සුව කරන එක. එයාලා ආයෙම යන්නේ, ඔවුන් ඉන්නා මඩ ගොහොරුවට. ජන්ද කාලෙට අපේක්ෂකයින්ට පේනා, යන එන ඒ ලෑලි ගෙවල් පුරවරයට, සෙසු කාලයට අනවසර ඉදිකිරීම් හෝ අනවසර පදිංචි වීම් යන ලේබලය ඇලවුණු, බන්ට් එකට එපිටින් ඇති ඒ මඩ ගොහොරුවට, ලයිට්වත් වතුරවත් නැති, එකමෙක පොදු කරාමයක් ඇති ඒ මුඩුක්කුවට. ඔවුන්ගේ ජීවන අරගලය වෙනස් කරන්න හෝ, වඩා හොඳ ජීවන තත්වයක් ඇති කරන්න හැකිනම් මේ තාවකාලික පැලැස්තර වලට වඩා එය කොතරම් අගනේ දැයි මට සිතේ.
එතෙක් මගේ යෙහෙළියන්ට පින් දෙමින්, ස්තූති කරමින්, පරිත්‍යාග ලොග් පොතේ පිටු පිරෙමින් වාට්ටුව භාරයට පත්වූ ඒ සියළු දෑ, හෙද සොයුරියන් අතින් මේ අඩු ආදායම්ලාභී , දුෂ්කර පරිසර වල ඉන්නා අම්මලා වෙත ලබා දෙන්නෙමු.
(අවසරයකින් තොරව උපුටා නොගන්න)