“ඩොක්ටර් රාජන් ගේ නංගියි දරුවයි හැප්පිලා එතනම මැරිලා මල මිනී දෙක ඕ ඩී එකට ගෙනාවේ . එවෙලේ රාජන් තමයි ඇඩ්මිෂන් රූම් එකේ හිටියේ, ඩොක්ටර්ට හිතා ගන්න බැරි උනා. අපි ඒ වේගෙන්ම ඇක්සිඩන්ට් වෝඩ් එකට ගෙනිච්චා ඒත් දෙන්නම එතනමයි.”
ඕ.පී.ඩී එක හෙවත් බාහිර රෝගී අංශයේ වැඩ කරන මගෙම හිතවත් දොස්තර කෙනෙක් එදා හවස අප වෙත ගෙන ආපු ආරංචියෙන් අපට අනේ අපොයි කියවුනා. A9 මාර්ගය දැන් වඩා හොඳින් පිළිසකර කර තිබෙන නිසා මේ මාර්ගයේ යන එන රියදුරන් රථ වාහන ධාවනය කරන්නේ හරියට අත්තටු ලැබුනා වගෙයි.
රාජන්ගේ නැගණිය සහ දරුවා මෝටර් බයිසිකලයේ ගමන් කරද්දී ටිපර් රථයක් විසින් යට කර දමා තිබුනේ රෝහල පෙනෙන මානයේ තිබුනු කහ ඉරක් අසලමයි. එපමණක් නොව දිනකට එක වරක් හෝ තුවාල වීම් නිසා ඇතුල් කරන රෝගීන්ද මසකට මරණ කීපයක්ද සිදුවේ.
අද උදේ ශල්‍යාගාරයේ සැත්කම් සිදු කරන අතර කණ වැටුනේ මීට දිනකට උඩදී බයිසිකලය ටිපරයක හැපී මෙහි ගෙන ආ දරුවා මිය ගිය බවය. මෙවැනි මරණ නිරන්තරයෙන් සිදුවේ.
යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විශ්‍රාමික ශ්ල්‍යාගාර සිස්ටර් හෙවත් ප්‍රිපාලන හෙද සොයුරියගේ එකම පුතා යාපනයේ සිට ගෙදර එද්දී වෑන් රථයක හැපී මිය ගියේ ඔහු බයිසිකලයක ගමන් කරද්දීය. එම සිදුවීම අපට බොහෝ සංකා ගෙන දුන්නා මන්ද ඇය අප නිතර ඇස ගැටෙන දොඩන කෙනෙක් නිසා. නන්නඳුනන කවරෙකු උනත් මේ සියල්ලන්ගේම ජීවිත වටිනාකම කියා නිම කළ නොහැක. නොසැලකිලිමත් කමට වඩා ටිපර්, බස් රථ වල තිබෙන්නේ වේගයෙන් ධාවනයයි. සමහර විට ඇම්බියුලන්ස් රථයෙන් හදිසි රෝගීන් ප්‍රවාහනය කිරීමේදි පවා බස් රථ අපට ඉඩ දෙන්නේම නැති තරම්. එවෙලෙට එම බස් රථ අංක සටහන් කරගෙන පොලිසියට ලබා දීමට තරම් තරහවක් ඇති වෙනවා. ඇම්බියුලන්ස් හදිසි ගිලන් රථයක් යනු කුමක්දැයි කියාවත් ඉගෙනුමක් නොලැබූ බස් රථ රියදුරන් A9 මාර්ගයේ සිටී කියා මම බය නැතුව ඕනෑම තැනක කියන්නේ එහෙයිනි.
බයිසිකලයක් පදින මම...
මම ද අනිත්කොණ පැමිණි පසු ගෙදර තිබෙන බයිසිකලය මෙහෙ ගෙනෙන්නට හැදුවෙමි. ඔව් මම කුඩා කල සිටම එක එක ජාතියේ බයිසිකල් කිහිපයක සාඩම්බර අයිතිකාරයෙක් වීමි. මම වැඩෙනවාත් සමගම බයිසිකලයේ ප්‍රමාණයත් වැඩි විය. ඒත් ප්‍රවාහන අවහිරතා නිසා දිනෙන් දින දැනට මා ගෙදරදී පාවිච්චි කරන්න අම්මා අරගෙන දූන්නු බයිසිකලය මෙහි ගෙන එන එක කල් ගියාය.
අනෙක් හැමෝම කාර් ගන්න හීන මවද්දී මගේ සිහිනය වුනේ බයිසිකලයක් ගැනීමයි. ඒ එය පරිසරයට හිතකාමී එකම වාහනය වන නිසාය. පරිසරයට හානි නොකර ජීවත්වෙන්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු වී ඇති නිසා දුම් දමන ඛණිජ තෙල් බොන වාහන වලට කොහෙත්ම ආසා නැත. එමෙන්ම එය සෞඛ්‍යයටද හිත කරය. මා බයිසිකලයක් පදින බව දැනගත් ඇතැම් පොෂ් යැයි කියා ගන්නා මිතුරෝ “අපොයි ලැජ්ජා නැද්ද ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකල් පදින්න” යැයි කීවෝය.
“ඉතින් මම තමයි ගන්නම ඕනේ. මෙච්චර ඉගෙන ගෙන කාර් එකක් පදිනවානම් මගේ ඉගෙනීමෙන් ඇති වැඩේ මොකක්ද ? මම ආඩම්බර වෙනවා මම ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකලයක් ගත්තු එක ගැන. මම ජීවිතේ දිනා ගත යුතු සියල්ල දිනා ගත් කෙනෙක්. උපරිම වශයෙන් ආදරයද රැකවරණයද ලබන අතර සාමකාමීව ජීවිතය ගෙන යන්නට හැකියාව ලැබුනු කෙනෙක්. අනික මම ඉගෙන ගත්තු කෙනෙක්. බුද්ධිමත් අය දන්නවා පරිසරයේ වටිනාකම”
මගේ උත්තරයෙන් සියල්ලෝම කටවල් පියා ගත්තෝය. මම විතරක් නොවේ, තව බොහෝ වෛද්‍යවරුද පෙර කල සිටි ශල්‍ය වෛද්‍ය විශේෂඥතුමා වැනි විශේෂඥ වෛද්‍යවරු පවා බයිසිකලයෙන් රෝහලට පැමිණේ.අපි කුඩා කල සිටම පරිසරයට ආදරය කිරීමට පුරුදු වූ අය වන්නෙමු. මිහි මඬලේ දරුවෝ කථාවෙන් ඒ බව මගේ මුල් කථාවලදී කියා ඇත්තෙමි.
එවන් දෙයක් වටහා ගත නොහැකි උන් කියන දේ අසා මම නිහඬව සිනහ නගා සිටියෙමි. ඒ මෝඩයින් දාහක් සමග තර්ක කර දිනිය නොහැකි බැවිනි. ඉතින් ඔන්න ඔහොම මම බයිසිකලයක් පැද්දත් බොහෝ වෙලාවට A9 ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන්නම නො හැකිය. බොහෝ විට කරන්නේ අතුරු පාරවල ගමන් කර අදාල ස්ථානයට යන එකයි. එහෙම නැත්නම් මාර්ගයෙන් එපිට කැලෑ පාරේ ගමන් කරන එකයි. මොකද A9 එකේ බයිසිකලයෙන් ගියානම් එහෙම A9 එකේ යන ටිපර් සංඛ්‍යාවයි බස් පෝළිමයි , බස් තරඟයයි නිසා අපේ රෝහලට තව දොස්තර කෙනෙක් අඩු වෙන එකයි වෙන්නේ. දොස්තරලා අඩු මේ දවස් වල එහෙම දෙයක් උනොත් කොහොමත් අමාරුවේ වැටෙන්නේ රෝහල නිසා. සියල්ලන්ගේම ආයාචනයෙන් මම හැකිතාක් දුරට A9 වලින් මිදී සිටින්නෙමි. එමෙන්ම බයිසිකලයෙන් නගරය දිහාට යද්දී, අප හඳුනාගෙන අතවනන රෝගීන් බොහෝය.
අපේ රටේ දේශපාලකයින් රට රටවල සංචාරය කරනවා යැයි මම සිතමි. එහෙත් ඔවුන් අනිත්කොණ කියවනවා යැයි මම නොසිතමි.
කෙසේ හෝ වෙනත් රටවල බයිසිකල් පදින්නට පදික වේදිකාවේම වෙන් කළ තීරුවක් තිබෙනවා. ඉතින් ඒක මහ මාර්ගයේ සෙසු වාහන වලටද පහසුවක් වගේම බයිසිකල් පදින අයටද හිතකරයි. අපේ රටේ මාර්ගවල ආරක්ෂාව වැඩිනම් මෙලෙස විකල්ප මාර්ග තීරුවක් තිබේනම් මීට වඩා බයිසිකල් පදින්නට මිනිස්සු උනන්දු වෙනවා ඇති යැයි මට සිතේ.
ඉඳගෙන පමණක් වැඩ නොකරන, ශල්‍යාගාරයේදී පැය ගණන් සිටගෙන සිටින අපට වෙරිකෝස් , අධික රුධිර පීඩනය, දියවැඩියාව මෙන්ම තරබාරුව වැනි තත්වයන්ට ඉක්මනින් ළඟා වීමේ අවධානමක් තිබෙනවා. එමෙන්ම පරිගණක ආශ්‍රිතව වැඩ කරන අයටද මේ අවධානම වැඩියෙන් තිබෙනවා. එනිසා බයිසිකලයක් පැදීමෙන් බොහෝ දුරට මේ තත්වය අඩු කරගන්න පුළුවන් වෙන එකනම් ෂුවර්. මොකද හැමෝම ජිම් එකකට හෝ ශරීර සුවතාවයට කියලා වයායාම් නොකරන නිසා. අනික අපේ රටේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ, ෆ්‍රයිඩ් රයිස් , කොත්තු රොටී, පරාටා වැනි පිටි තෙල් අධික කෑම වලින් කුස පුරවාගන්නයි එනිසා වෙන්නේ තවත් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන එකයි.
උතුරු කොණේ සියල්ලන්ගේම වගේ හිතකර වාහනය බයිසිකලයයි. එනිසා පොදු ජනයාටද අපි වැනි බයිසිකල් පදින දොස්තරලාටද හිත සුව පිනිස A9 මාර්ගයේ භයානක බව අඩු කළ යුතුය.
මෙය හදිසියේ හෝ කවුරු හරි පරිසර හිතකාමි මහතෙකුගේ හෝ සංවිධානයක ඇස ගැටුනොත්, මහ මාර්ගයට යාබද ව බයිසිකල් මංතීරුවක් සකසන එක ගැන මීට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ හිත් වල අවධානයක් ඇති කරන්න. බයිසිකල් පදින එක මීට වඩා මිනිස්සුන්ට කිට්ටු කරන්න උත්සහ ගත්තොත් හොඳයි කියලා හිතනවානම් ඔබලා කරන කැම්පේන් එකකට අපිද (බයිසිකල් පදින දොස්තරලා ) උපරිම වශයෙන් සහය දක්වන්නෙමු.
මිහිකත සම්පතක්. දිනෙන් දින වැඩි වෙන පරිසර හානියට සමගාමීව පරිසරය දැන් අපිට අහිතකර වෙන්නට පටන් අරගෙන. එක්කෙනෙක් හෝ මේ ගැන හිතා කටයුතු කරන්නේනම් මොන තරම් හොඳ ද?
මම නිතරම සිතුවේ… “ලෝකේ ඔබ දකින්න ඕනේ වෙනස ඔබම වෙන්න” කියාය.
Be the change you want to see in the world !
ඒ නිසාම මම නිතරම හිතකර වෙනසක් බවට පත්වීමි.
Image credit.. Earthian on face book.and the rest from google search.
හ හා අද යන්තම් මුලින්ම කමෙන්ට් එකක් දාගත්තා.
ReplyDeleteඅධිකරණ වෛද්‍ය නිළදාරීතුමාට ඊට වඩා යමක් කියන්න පුළුවන් නේද?
Deleteසුපිරි සටහනක්! ලංකාවේ මාර්ග අනතුරු ගැන කතාබහක් අවශ්‍ය වෙලා තියෙන්නෙ 2004 සිට, පුංචි ලංකාව රිය අනතුරු වලින් ලෝකෙ ම මුල් පේලියට ආව කාලේ පටන්.
ReplyDeleteඅපි දෙන්නම ලංකාවට ආවම, මගේ වියානාවේ ජීවත්වෙන කැළණි කැම්පස් යෙහෙළිය ඇහැව්වෙ "මෙච්චර හයියෙන් ගිහින් මෙයාලා ඉතුරු කරගන්න කාලයෙන් මොකක්ද කරන්නෙ?" කියලා. මට තාම ඒකට උත්තරයක් දකින්න නැහැ!!!
මමත් බයිසිකලෙන් තමයි හැම තැනම යන්නෙ වසන්තය, ගිම්හානය, සිසිරය පුරා. මගේ මහත්තයත් එහෙමයි: අපි දෙන්නාටම ඉහළ උපාධිත් තියෙනවා!!!!
බයිසිකල් පදින දොස්තරට ජයවේවා!!!
ඒක තමයි අක්ක කොච්චර හොඳද එහෙම හිතන එක ! ස්තූතියි. අපේ රටේ සියල්ල මනින මිනුම් දඬු වෙලා තියෙන්නේ යාන වාහන ගෙවල් දොරවල්.. ඇඳුම් පැළඳුම්.. ඔළු ගෙඩි හිස් !
Deleteතවත් සිතන්නට යමක් එක් කරන සටහනක් ,
ReplyDeleteඇත්ත , මේ රටවල බයිසිකල් පැද යන්නට වෙනම මං තීරුවක් විතරක් නොවෙයි , විශේෂ සැළකිල්ලක් පවා තිබෙනවා . ඒ කියන්නේ මංසන්ධියකදි හැරවුමකදි වුනත් පාපැදිකරුට බොහොම සැලකිල්ලෙන් ඉඩ ලබා දෙන්නට මේ හැම රියැදුරෙක්ම කටයුතු කරනවා.
ඒක තමයි මෙහෙ නම් කිසිම සැලකිල්ලක් නෑ. ලොකු වාහන බලන්නේ හෝන් ගහලා රේස් කරලා අපිව බය කරලා උඩින් යන්න.
Deleteපාරවල් හොද වෙද්දී අනතුරු වැඩි වෙන කතාව නම් ඇත්තම ඇත්ත. අපිට වැඩිපුරම රිය අනතුරු වාර්තා වෙන්නේ ත්‍රීවීල් හා මෝටර් සයිකල් වලින්. මාරක අනතුරුත් වැඩි ඒ ආශ්‍රිතව තම්යි. ඒත් අනතුරු වැඩිපුර සිද්ධකරන්නේ ටිපර් ට්‍රක් රථ ලොරි හා බස්( දැන් අළුතෙන් වාහන අරං යන විශාල ට්‍රක් රථ) වලින්. ත්‍රී වීල් හා මෝටර් සයිකල් අනතුරුවලට ලක්වීමට ප්‍රධානම හේතුව තමයි අධික වේගය හා මත්පැන් භාවිතා කර රිය පැදවීම (හොදටම බීලා ඇක්සිඩන්ට් වෙලා එන හැමෝම කියන්නේ උදේ යාළුවො තුන් දෙනෙක් එක්ක බියර් එකක් බිව්වා කියලා.ඒ වුනාට කෙලින් ඉන්න පණ නෑ)
ReplyDeleteඔන්න අධිකරණ වෛද්‍ය නිළධාරී මතය
අධිකරණ වෛද්‍ය නිළදාරී තුමාට ගොඩාක් ස්තූතියි. මේකට අපිට මොකක් හරි පියවරක් ගන්න බැරිද?
Deleteඋදරය වටා තියෙන තෙල් තට්ටුවට නම් බයිසිකල් පැද්දා කියලා අමුතු බලපෑමක් නැත.
ReplyDeleteඋදරය ඇතුලට තද කරගෙන තෙරපාගෙන බයිස්කල් පැද්දොත් හෝ ඇවිද්දොත්, ඔය එල්ලාවැටෙන තෙල් තට්ටුව සහිත බඩ ගෙඩිය නැති වෙනු ඇත. එහෙම කරලා බලන්න !
Deleteබණ්ඩිය ඇතුලට තද කරන් ඇවිදින්නෙ කෝමද ? අතින් තද කරගෙනද ? හිරට පටියක් බැඳගෙනද ? එහෙම නැත්තන් බණ්ඩිය තද වෙන්න නැමිලා ඇවිදින්න කියලද කියන්නෙ ?
Deleteඔබ සැඩ පහර නොතකා උඩුගං බලා පිහිනන කෙනෙක්.. එහෙම අය බොහොම අඩුයි ඒත් ඉන්න ටික දෙනා දෙන පාඩම් වැදගත්.. අපේ රටේ බයිසිකල් යාම එතරම් ජනප්‍රිය නොවෙන්න එක හේතුවක් දේශගුණය. මෙරටෙත් එහෙමයි.. බයිසිකල් තියෙන්නේ පොඩි උන්ට උද්‍යානවල පදින්න විතරයි .. කොරියාවේ නම් යුරෝපේ වගේ නගරවල නගර සභාවෙන් පොදු බයිසිකල් ගාල් හදල තියෙනවා. තමුන්ගේ කාඩ් එක යොදලා යතුරු ගලවාගෙන පදින්න. හැබැයි දේශගුණය හිතකරයි විශේෂ මාර්ග තියෙනවා. ඔක්කොටමත් වඩා රියදුරෝ විනීතයි.. එක නම් අපේ රටට එන්න ගොඩක් කල් යයි.. වැඩියෙන්ම නීති කඩන්නේ ඒවා රකින්න පත් කරලා ඉන්න අය කොට කොහොමද අනිත් මිනිස්සු ඒවා රකින්නේ ? තමුන්ට හැකි විදිහට තමුන් කිරීම පමණයි ඉතිරි.. ඔබ හරි..
ReplyDeleteමේක ඉතා ම වැදගත් කතා බහක්. මේ රටේ පරාධීන මානසිතක්ත්වයේ ගිලී සිටි යුගය අවසන් වෙලා නිදහස් නිවහල් අපේකම, අපේ ජීවන ක්‍රමය දැන් දළුලා ගෙන එනවා කියලා මට හිතෙනවා. අපි ජාතියක් විදිහට පරිසර සංරක්ෂණය ගැන වසර සිය දහස් ගණනක් තිස්සේ ඉතා ම සංවේදී වෙච්චි ජාතියක්. ගහවැල සතා සීපවා එක්ක සමගියෙන් ජීවත් වෙච්චි ජාතියක්. එහෙත් යටත්විජිතකරණය සහ ඊට ජාතක වෙච්චි පරාධීන ඉටහිර ගැතිකම විසින් අපේ සරල ජීවන ක්‍රමය විනාශ කළා. ඉන් විශාල ම විනාශය වුණේ පරිසරයට. මේ හානිය නතර කරගන්න බැරි වුණොත් අනාගතයේ අපේ රට මුඩු බිමක් වේවි.
ReplyDeleteඒ නිසා පරිදර හිතකාමී ජීවත ක්‍රමය නැවත ඇති කරන්න, අපේ සරල ජීවන ක්‍රමය නැවත ඉස්මතු කරන්න බුද්ධිමතුන් පෙළ ගැසිය යුතුයි. රජය ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරමින් ඒවා දිරි ගැන්විය යුතුයි. ඉහළින් ලැබෙන ආදර්ශය අනුව රටේ සාමාන්‍ය ජනතාව නිසි මග ගන්නවා සිකුරුයි. වනාන්තරයකට ඇතුල් වෙලා පා සටහන් හැර කිසිවක් දමා නොයන්න කියලා කියමනක් තියෙනවා. ඒ වගේ ම මේ මහ පොළවේ උපන් අපි අවසානයේ ඊට පස්වී යා යුත්තේ ඊට කිසි ම හානියක් නොකර විතරක් නෙමේ එහි අනාගත සුරක්ෂිතතාව සඳහා යමක් කරලයි.
දුර ගමන් බිමන්වලට බයිසිලකය ප්‍රායෝගිත නොවන්න පුළුවන්. ඒත් කඩේට, ටවුමට, තැපැල් කාර්යාලයට, අසල්වැසියන්ගේ නිවෙස්වලට යන්න, සේවා ස්ථානය ළඟ නම් ඒකටත් අපට බසියිකලය පාවිච්චි කරන්න පුළුවන්. පෙට්‍රල් වෙනුවට ඔබේ ඇඟේ තැන්පත් වී ඇති අතිරේඛ මේධ තට්ටු මේ සඳහා ඉන්ධනය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එම මේධ දහනයෙන් පරිසරයට විෂ කාබන්ඩයොක්සයිඩ් නිකුත් කරනු වෙනුවට ඔබට නිරෝගී සම්පත ළඟා කර ගන්න පුළුවන්. (විද්‍යාත්මක දැනුමින් සන්නද්ධ පරිසර හිතකාමීන් කියන්න පුළුවන් ස්ථූල බවත් පරිසරය දූෂණය කරනවා නේද කියලා. ඔව් ඒක ඇත්ත. ඒක දැන් ලොකු පරිසර ගැටලුවක් තමා.)ඒ නිසා මේ පුංචි දොස්තර නෝනා කියන දේ ගැන අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබට විවිධ දේශපාලන අදහස් තිබුණත් මේ ප්‍රශ්නය කිසි ම රටකට සිමා වෙලා නැහැ. රටක පසිරස දූෂණය අවසානයේ සමස්ත ලෝකයට ම බලපානවා. ඒ වගේ ම අපි පරිසරය සුරකින්න දරන හැම උත්සාමයක ම ප්‍රතිඵලය සමස්ත ලෝකට ම ලැබෙනවා.
හැමදාම වගේ.. ස්තූතියි අයියා.
Deleteඋඩු ගං බලා පිහිනන කෙනෙක් :)
ReplyDeleteමට මතක් උනේ සිටි ඔෆ් එන්ජල්ස් චිත්‍රපටයේ හැමදාම උදේට අත්බෑග් එක කරේ දාගෙන බයිසිකලෙන් හොස්පිටල් යන ශල්‍ය වෛද්‍යවරිය...
ඒ වගේමයි, හැබැයි මගේ බයිසිකලේ ඉස්සරහ කූඩයකුත් තියෙනවා. අත්බෑගය ස්ටෙතසය සහ වතුර බෝතලය දමාගෙන මම බයිසිකලය පදිනවා. ස්තූතියි ඔබේ අදහස් සටහන් කළාට. මාත් ගොඩක් ආසාවෙන් නැරඹූ චිත්‍රපටියක් !
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපිස්සු මහත්තයෙක් !
DeleteThis comment has been removed by the author.
ReplyDeleteරාජිනී තිරාණගමත් බයිසිකලෙන් තමයි ගියේ මං නෝ මෝ ටියර්ස් එකේ දැක්ක විදියට.
ReplyDeletehttp://www.youtube.com/watch?v=C803NOvmTqk
!!!
ආවට අදහස් දැක්වූවාට ඔබට ස්තූතියි. ඔව් ඒ බව මාත් දුටුවා. දැනටත් මෙහෙ ගොඩාක් දෙනෙක්ගේ වාහනය බයිසිකලය... අපි මේ ප්‍රදේශවලට එන්න කලින් ඉඳන් මෙහෙ හැමෝම පාවිච්චි කලේ බයිසිකලය තමයි. ප්‍රොෆෙසර්ස්ලා කන්සල්ටන්ට්ලා පවා බයිසිකලය තමයි පාවිච්චි කලේ.
Deleteඅහම්බෙන් '' අනිත් කොණට '' ආවෙ.. මේ වගේ බයිසිකල් පදින දොස්තරල ලංකාවෙ ඉන්නව කියල අහන්න ලැබීමත් සතුටක්... ඒ වගේම පුදුමයක්.... ඔබට මගේ උත්තමාචාරය... වාහනවලින් උජාරුව පෙන්නුව වගේ නෙවෙයි අපි පාරිසරික විදියට කොයි තරම් අවදානමකද ඉන්නෙ... අනික මේ සංවර්ධනය කියල කරන මහා ව්යාරපෘති අපේ පුංචි රටට කොහොම දරා ගන්න පුළුවන් වේවිද?
ReplyDeleteමගෙත් ප්රි්යතම වාහනේ බයිසිකලය තමයි... දැනටත් ගමේ ගියාම බයිසිකලයෙන් තමයි එහෙ මෙහෙ යන්නෙ... මේ කොළඹ නම් බයිසිකල් පදින්න තියා හිතන්නත් බයයි....
අවු 12 ක් ම ඉස්කෝලෙ ගියේ බයිසිකලෙන්... ඒ කාලෙ ආර්ථික මට්ටමත්, බස්වල රස්තියාදුවට තිබුණ අකමැත්තත් නිසා බයිසිකලෙන් ගියා මිස '' කාබන් පිය සටහන '' ගැන නම් දැනගෙන උන්නෙ නැහැ.
මෑතක පුහුණුවකට ජපන් ගිය වෙලාවෙ බයිසිකල් පදින්න දැන ගෙන උන්න එක ලොකු වාසියක් උණා... ජපානයේ ජනාකීර්ණ නගරයක උණත් බයිසිකලෙන් යන්න අපහසුවක්, බයක් දැනෙන්නෙ නැහැ... වෙනම මං තීරුවක් තියෙනවනේ... බයිසිකලයෙන් හිතේ හැටියට සංචාරය කරන ගමන් මම හිතුවෙ අනේ අපේ රටේ අපිට මෙහෙම නිදහසේ බයිසිකල් පදින්න බැහැ නේද කියල....
හරියට හරි තරුරසී. ඒ පාරිසරික අවධානම කාටවත් තවම හරියට වැටහිලා නෑ. ඒකයි පුදුමය. කොහොම උනත් අපි අපට පුළුවන් අයුරෙන් හැකි යමක් කළ යුතුයි රැකගන්න පරිසරය. එනිසා හිතරක වෙනසක් වීම වටිනවා.අහම්බෙන් උනත් ඇවිදින් අදහස් දක්වා මට දිරි දුන් ඔබට ස්තූතියි. අර වෙනම ලේන් එකක් නම් අනිවාර් යයෙන් අවශ්‍යයි. හැම දාම එකක් හෝ දෙකක් වාහන අනතුරු. බයිසිකල් වල යන අය තමයි ගොදුරු වෙන්නේ.
Deleteඔබ වෑනි අය ලන්කවේ තාමත් ඉතුරුවි සිටිම ගෑන හුගක් සතුටු වෙමි.මොකද ලන්කවේ බොහෝ බුද්ධිමතුන් අද නිහඩය.එසෙත් නෑතිනම් රටින් පිටවි ගොස් ඈත.ඔබට Hybrid කාරයක් පෑදිමට අරාධනා කරමි.මන්ද ලන්කාවේ සිටින කලකන්නි බහුතරයකට ඔබෙන් ලන්කාවට වෙන සෙවය ගෑන හෑගීමක් නෑත.හුග දෙනෙක් පරේ එලවන්නට නොදනී.බහුතරයකට අත්තෙ මොලේ අඩුකමය.මොලෙ අඩු පිස්සො පරේ වෑඩිම රටවල් ලෙස India සහ Lankawa දකිමි.විප්ලවය අවසනයේ මිය ගොස් වෑඩක් නෑත.මන්ද එවිට නෑවතත් පිස්සෙක් එය විනාස කරනු ඈත. රටින් පෑනගොස් බ්ලොග් ලියනවට වඩා පොඩි දෙයක් හො වෙනස් කිරිමට ලන්කවෙදි උත්සාහ ගෑනිම අගය කොට සලකමි.ඔබ අරක්ෂා වන්න.මෙය තමත් කලකන්නින්ගෙ බලය පෙන්වන,නුසුදුස්සන් බහුතරයක් ලොකු පුටුවල සිටින දේශකි. Americawa නොවෙ.
ReplyDeletethank you.A9 එකේ ගමන නම් ගොඩාක් දුරට අඩු කරලා තියෙන්නේ. වට පිටේ විකල්ප මාර්ග යොදා ගන්නවා ඒ වෙනුවට. එනමුත් අපිත් පුළුවන් හැටියකට මේ දේවල් කරන්න ඕනේ ඒක පරිසරය රැකගන්න ඇල්මක් තියෙන අපේ යුතුකම.
Deleteඔබේ චින්තනයට මගේ ආචාරය..
ReplyDeleteමෙහේ පාපැදි වලට වෙනම තීරුවක් වෙන් කලත් මදි. ප්‍රධාන තීරු වල වාහන පාපැදි තීරුවේ යන ඒක නවත්තන්න, පාපැදි ප්‍රධාන තීරුවට දාන ඒක වලක්වන්න බාධක ඉදි කරන්න වෙනවා.
thank you . මේ දේවල් අගය කලාට ඔබට ස්තූතියි
Deleteහපොයි ඩොක්ටර් මොනවද මේ ලිව්වේ ? අවුරුදු පහක් ගියාම ටැක්ස් ෆ්‍රී කාර් ගන්න බලන් ඉන්න කට්ටිය මෙක දැකලා තරහ ගිහින් බයවෙලා (කාර් පර්මිට් අහෝසි වෙලා බයිසිකල් පර්මිට් දුන්නොත් කියලා ) ඩොක්ටර් සුදු වෑන් එකක ගෙනියාවිද මන්දා :) kidding
ReplyDeleteමොනව වුනත් හොඳ ආදර්ශයක් .ඒ වගෙම මාත් දන්නවා ඔය පලාතෙ විදියට ගැලපෙන පහසුම වාහනේ සයිකලේ . මගෙත් අම්පාරේ හිටි යාලුවෙක් ඔෆිස් යන්න සයිකල් පැද්දා . මාත් එහේ ටික කාලයක් වැඩ කරද්දී ගමන් බිමන් සයිකලෙන් .අපිට සයිකල් ගන්න පොඩි ඇලොවන්ස් එකකුත් ලැබුනා ඒ කාලේ . ඒකෙන් ඔෆිස් එකටත් වාසි වැඩි දෙනෙක් වෙලාවට ඔෆිස් ආවා .
කොහොම වුනත් අපි ජීවත් වෙන්නේ ශ්‍රී දූපතේනෙ .හැම තිස්සේම උඩුගං බලා පීනන්න බෑ අපිට . ඒ නිසා ඔය සයිකල් පැදිල්ලේදි පරිස්සම් වෙන්න .
TG, මට ඔය බය ටිකක් විතර තියෙනවා. නැත්නම් ඉතින් මෙලහකට ගොඩක් දේවල් කරලා. හැමෝම කියන්නේ මොනවා කරන්නත් පණ කෙන්ද රැකගෙන ඉන්න ඕනෙ කියලා. ටිකක් විතර පරිස්සම් වෙනවා. මහා මාර්ගය වෙනුවට විකල්ප මාර්ග යොදා ගන්නවා.
Deleteමමත් ඉස් ඉස්සෙල්ලම ගත්තේ පුස්බයිසිකලයක් තමයි.ඒක බෝඩිඅම්ට ගෙනියන්න විදිහක් නැතුව ඉන්නෙ.කොහොමත් කොළඹ පුස්බයිසිකලෙං යනවා කියන්නේ මරුවා එක්ක සහෝදරකං පානවා වගේ වැඩක්.
ReplyDeleteබයිසිකලයක් පදිනවාය කියන එක ඇත්තටම ලැජ්ජාවට කාරණයක් නොවෙයි.මමත් දවසක් මැදියම් රෑක A9 පාරේ බසයක් ගමන් කලා.. හෆොයි ඒ බස් එක ගියා නොවේ ඉගිලිණා. එක වෙලාවක මටම හිතුනා මේ යන්නේ දක්ෂිණ අධිවේගී පාරේ ද කියා..
ReplyDeleteඅනේ දිල්රු, ඔයාගෙ පෝස්ට් කියවලාම මමයි මගෙ බිරිඳයි දෙන්නම ඔයාට සහ ඔයාගෙ ගතිපැවතුම වලට ඉතාම ආදරය කරනව. කරුණාකරලා A9 පාරෙ බයිසිකල් පදින්න එපා. අපිට ඔයා වගෙ අය අවශ්‍යයි.
ReplyDeleteඇත්තටම doctor ලංකාවේ වෙනම බය්සිකල් තීරුවක් දැම්මත් අපේ රියදුරු මතුන්ගේ ආකල්ප වෙනස් වෙනකන් ඒ තීරුවේ යන එකත් අවදානම්.. මම දැකල තියෙනවා Denmark වල බය්සිකල් එක ප්‍රධාන වාහනයක්. වෙනම මන් තීරුවක් වගේම bus එකෙත් train එකෙත් බය්සිකල්එක ගෙනියන්න පහසුකම් තියෙනවා. station වල බය්සිකල් ගාල් කරන්න වෙනම තැන්. ගොඩක් අම්මලාගේ බය්සිකල් වල ඉස්සරහ බබාලා දෙන්නෙක් තියාගෙන යන්න පුළුවන් විදිහේ carts හය් කරලා .. ඒ රටේ දේශගුණයත් මේ බාවිතයට ගොඩක් බලපාල ඇති... ඒ වගේම ආකල්පත්...
ReplyDeleteඒ රටේ කුණු වලිනුත් පුළුවන් තරම් ප්‍රයෝජන ගන්නවා.. බල ශක්තියෙන් 20% කට වඩා ගන්නේ සුලන් බලයෙන්... ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.. පුළුවන් උනොත් ලිපියක් ලියන්නම් :)
පොඩිකාලේ නම් බය්සිකල් එක මගෙත් වාහනය... දැන්නම් මේ කොලොන් තොටේ මොන බය්සිකල්ද ඉතින් ... :( හැබැයි ඉතින් මටත් ආඩම්බරයි බය්සිකල් පැදපු ඉංජිනේරුවෙක් වීම ගැන :)
I stumbled on your blog and liked what you wrote.You seem to be a doctor with a different attitude than the rest.It seems that you are working in the North(I assume so) willingly and your work should be commended. Hope to read more later.
ReplyDeleteI stumbled upon your blog and enjoyed what you wrote.You seem to be a doctor with a different attitude than the most we meet.Appreciate what you do for the country. Wish you all the best.
ReplyDeleteThank you so much for ur valuable comments... I really appreciate it
Deleteකලින් කොමෙන්ට් එක වගේම උඹ නම් මැඩම් වෙනස් චරිතයක් වගේ,
ReplyDeleteසින්හලෙන්ම කියනවනම් "කීප් ඉට් අප්"
thank u .... මම නම් වෙනස් ඇති... ඒත් ඒක හිතකර වෙනසක් කියලයි කවුරුත් කියන්නේ... ස්තූතියි ඔබ දුන්නු දිරිගැන්වීමට සොයුර එය ඉතා අගනේය.
Deleteඔබේ බ්ලොග් අඩවියට පිවිසුනේ අද. ලිපි පෙළ කියෙව්වෙ එක හුස්මට. මම පිටරටකදී අනතුරට ලක්වෙන්න ගිය අවස්ථා දෙකක් තියෙනවා බයිසිකල් නිසා. එකක් ඔකිනාවා වලදී(ජපානයේ පුහුණුවකට ගිය වෙලාවක)ලංකාවෙ වගේ බයිසිකලය පාර මැද්දෙ පැද්දා. ජපනෙක්ගෙ කාර් එකක් යන්තමට ගෑවුනා. මිනිහා පරිස්සමට වාහනේ අයින් කළා. මම පරිස්සමෙන්ද කියලා බැලුවා. මගේ බයිසිකලේ හොඳින්ද කියල බැලුවා. මට දැනෙන්නේ පුදුම බයක්. මගෙනෙ වැරැද්ද. නමුත් ඔහු මා ගැන බලලා ඒ සිද්ධිය ගැන කණගාටුව පළ කළ හැටියට පුදුම ලැජ්ජාවක් ඇති වුනේ. එදායින් පස්සෙ මං එහෙම පිස්සෙක් වගේ පාර පුරා පදින්නෙ නැහැ. දෙවෙනි අවස්ථාවත් පුහුණුවකට ගිය වෙලාවක ලන්ඩන් වලදී. පදික මාරුවෙන් මාරුවෙද්දී කලර් ලයිට් එක පදිකයන්ට යන්න කොල සංඥාව දීල තියෙද්දි බයිසිකල් මං තීරුවෙන් ආපු බයිසිකල් කාරයෙක් හෙන ගහනව වගේ මගේ ඇඟේ වැදිල වැටුනා. මට කලන්තෙ වගේ දැනුනා. ඌ නැගිටල ආවටත් වැඩිවේගෙන් යන්න ගියා.කලු කෙල්ලො දෙන්නෙක් මට හිනාවෙනව හීනෙන් වගේ ඇහුනා. ටෙලි නාට්‍යයක් බලනව වගේ කට්ටිය වටවෙලා කිසි උදව්වක් නොකර ලංකාවෙ වගේ කට්ටිය නැති වීම ගැන සතුටු වෙලා මාත් යන්න ගියා.
Deleteමිනිසත්කම ගැන තැකීමක් නොකරන මිනිසුන් ඉන්න තැනක බයිසිකල් පදින්න එපා.
මටත් මේ ලඟදි ආසාවක් ඇති වුනා බයිසිකලයක් අරගෙන පදින්න,
ReplyDeleteබර අඩුකරගැනීම සහ පරිසරයේ සුව විඳීම කියන දෙක කරගන්න.
බලමු සමහර විට පුළුවන් වෙයි.
මටත් පුස්බයිසිකලයක් ගන්න හිතුනා ආට් එක පැත්තේ ඇවිදිනකොට,
ReplyDeleteබලමුකෝ පුළුවන් වුනොත් ගන්නවා.
වෛද්‍යවරයෙක් බයිසිකල් පදිනකොට අපිටත් ආඩම්බරයි නොවැ.
It very interesting and educative article. As Dr says in most of the develpoed countries in East and west there are pedal cycle tracks to for safe riding. During our short stay, I have seen in Netherlands even our professors who use to come to University in bycycles having their doccuments/files tied to the rear luggage carriers. Once we saw even the Queen Buatrice was riding a bycycle on a cycle tract along a national Highyway in DElft . This saves foreign exchange, gives excercise to the rider, and reduces the air polution.
ReplyDelete