tag:blogger.com,1999:blog-4031991090564516120.post4438966724370166667..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: සමාජයක් වශයෙන් අප පරාජිත ය. Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4031991090564516120.post-62180852130475268992017-09-11T23:23:54.172+05:302017-09-11T23:23:54.172+05:30ළිං ගෙම්බන් සිටිනතාක් රටක් වශයෙන්ම අප පරාජිතයළිං ගෙම්බන් සිටිනතාක් රටක් වශයෙන්ම අප පරාජිතයරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-92030425802057789852017-09-08T09:34:46.543+05:302017-09-08T09:34:46.543+05:30සමාජයක් ලෙස අප ප්‍රකෘති සිහියෙන් සිටිනවා ද ? :D
ස...සමාජයක් ලෙස අප ප්‍රකෘති සිහියෙන් සිටිනවා ද ? :D

සමාජයක් ලෙස අප ප්‍රකෘති සිහියෙන් සිටිනවා නම් ඔබත් මමත් අයත් වෙන වෘත්තීය කණ්ඩායම් වල බහුතරයට ඔහොම ඉන්න ලැබේවිද ? ඔබත් මමත් අයත් වෙන වෘත්තීය කණ්ඩායම් වල උමතු හැසිරීම් වලදී අපි නිද්‍රශීලීව හෝ උමතුවෙන් තැබූ සමාජය, අපි විසින් අවදි නොකරන ලද සමාජය දැන් අපේ වෘත්තීය මතය උමතුවෙන් ප්‍රශ්නකරන විට පමණක් සමාජයේ ප්‍රකෘත්ති සිහිය බලාපොරොත්තු වීම කොස්තරම් යුක්ති සහගතද ?

එහෙම නැතිනම් අනික් වෙලා වලදී අපි හිටියෙත් ප්‍රකුර්ති සිහියෙන් නෙවෙයිද ?

කාන්තාවට ප්‍රජනනය සම්බන්ධව වෙන අයුතුකම් බොහොමයක් ඔබේ ලියවිලි වල තිබෙනවා. නමුත්, දරුවෙකු ප්‍රසුත කරන්න සුතිකාගාරයට යන සෞඛ්‍ය අමත්යන්ශය්ට කෙලින්ම සම්බන්ධ නැති සාමාන්‍ය ගැබිණි කාන්තාවකට සෞඛ්‍ය සේවකයන් කතා කරන්නේ කොහොමද ? විවාහක ස්වාමිපුරුෂයා සමග සැලසුම් කරන ලද දරු උපත් සඳහා එන කාන්තාවන්ට කතාකරන්නේ "වල්කමේ ගිහින් ළමයි හම්බුවෙන්න ඇවිත් වගේ". ඔය අම්මලා ම කියපු වචනය. ඔය ඔබ ලගට එන අම්මලාගෙන් ඒවත් අහල බලන්න. එක්කෝ ඔබ දන්නවා නොදන්නවා වගේ සිටියට. මේ සමාජය ප්‍රකෘති සිහියෙන් සිටිනවා කියා ඔබ බලාපොරොත්තු වෙනවා නම් එය මහා විහිළුවක්. LOL මම ඔබට පමණක් ඇගිල්ල දිගු කරන්නේ නැහැ. මම කියන්නේ "ඔබත් මමත්" කියන කියා. A අකුර තිබෙදී අපි Z අකුර ගැන ප්‍රශ්න කිරීමෙන් පලක් තියෙනවද ?

ඔබත් මමත් කොටස් කරුවන් වෙන සමාජයට අපි ඇගිල්ල දිගු කරන විට අපේ වෙතට අපේම ඇගිලි 4ක් දිගුවෙලා. නමුත් එය අපිට නොපෙනෙන්න පුළුවන්. ඔබත් මමත් හැමෝම අපිට වෘතීයමය ලෙස වාසි සහගත ලෙස අවස්තාවලදී සමාජයේ නිද්‍රාශීලීත්වයේ හෝ උමතුවේ වාසිය ලබනවා. එවිට අපි සමාජයේ ප්‍රකෘති සිහිට ප්‍රශ්න කරන්නේ නැහැ. එකට නොයෙකුත් හේතු කියන්න පුළුවන්. නමුත් ඔබත් මමත් එය ප්‍රමාණවත්ව කරලා නැහැ. අපිට, අපි කිසිවෙකුට සමාජයේ ප්‍රකෘත්ති සිහිය ප්රශ්න්කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ කියන එක මම අවධාරණය කරනවා. ඊට කලින් අපි විසින් කල යුතු බොහෝ දේ තිබෙනවා.

ගබ්සාව ගැන ඔබේ අදහස ගැන තර්කයක් නෑ. ඒකට 100 % එකඟයි. ගබ්සාව යම් නීතියක් යටතේ පාලනය විය යුතුයි. එම නීතිය දැන් තිබෙන එක මෙන් නොවී, සුවිශේෂී කරුණු කිහිපයකදී ගබ්සාවට නීතියනුකුලව වෛද්‍යපහසුකම් සැපයීමට බල කරන එකක් විය යුතුයි.

ඔබ කියන කරුණු වලට එකඟයි. ඔය කිසිම ආගමික කල්ලියක්වත් ආබාධ සහිත දරුවන් බාරගෙන බලාගැනීමට සැලකිය යුතු දෙයක් කරන්නේ නෑ. ශ්‍රී ලංකාව වැනි දියුණුවෙන රාජ්‍යයක රජයටත් විශාල දෙයක් කරන්නට බැහැ. දෙමවුපියන්ට තීරණයක් ගැනීමට ඉඩ දීම සුදුසුයි.

ස්ත්‍රී දුෂයකදී නම් ගබ්සාවට කලින් පහසුවෙන් කල හැකි දේ පවතින නීතිය යටතේත් තිබෙනවා නේද ? නමුත් ඒවා සමාජයට අවශ්‍ය තරමට සන්නිවේදනය වී නැහැ. ඒවා සන්නිවේදනය කරන්න දෙන්නේ නැත්තෙත් එක එක පාට සළුපිලි පොරවා ගත ආගමික කල්ලි විසින්ම තමයි. ඊට එරෙහි ඔබේ මැදිහත්වීම බෙහෙවින් අගය කරනවා.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-30424344128928215122017-09-06T09:06:00.928+05:302017-09-06T09:06:00.928+05:30ඇනලයිස් නොකර, අත් දැකීමක් නැතිව, හිතන්නෙ නැතුව, නි...ඇනලයිස් නොකර, අත් දැකීමක් නැතිව, හිතන්නෙ නැතුව, නිකම්ම ආගමක් හරි මොකක් හරි ගැන අන්ධ විස්වාසයක් විතරක් ඇතුව කියන දේවල් ගණන් ගන්න එපා. විශේෂයින්ම ෆේස් බුක් එකේ, ඒකෙ ලියන අයගෙන් බහුතරයක්වත් ඒක සීරියස් ගන්නවයි කියල මං හිතන්නෙ නෑ :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16813080641735997332017-09-06T07:59:20.882+05:302017-09-06T07:59:20.882+05:30ප්රශ්නය හරියටම නොදත්තත් අනුමාන කල හැක . ඔබට යම් ක...ප්රශ්නය හරියටම නොදත්තත් අනුමාන කල හැක . ඔබට යම් කිසි විරෝධතාවයකට මුහුණ දීමට සිදු වූවානම් එයින්ම පෙනීයන්නේ ඔබේ ලියවිල්ල සමාජය කම්පනය කරන්නට තරම් ප්‍රභල බවයි . ඒ නිසා මේ අවස්ථාවේ ඔබට මගේ සුබ පැතුම්. දැනෙන්නට යමක් ලියන්නට ලෙහෙසියෙන් කෙනෙකුට බැරි නිසාවෙනි .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-25575354298345290782017-09-06T01:30:04.470+05:302017-09-06T01:30:04.470+05:30ඇතැමුන් මේ දැන් ඇහැරුනා යැයි ඔබ සිතා සිටියද ඔවුන් ...ඇතැමුන් මේ දැන් ඇහැරුනා යැයි ඔබ සිතා සිටියද ඔවුන් හොරට නිදා සිටින්නන් මිස යථාර්තය දකින්නන් නොවේ..ඔබව සහ තවත් කීපදෙනෙකු ඉලක්ක කරගනිමින් ගබ්සාව නීතිගත කිරීමේ කාරණාව අරභයා ආගමික ස0කල්ප අමෝරාගෙන නැගීසිටියෝ ඔවුන්ය..කර්මයද දෙවියන්ගේ කැමැත්තද දෑතට ගෙන හඹා එන්නෝ ඔවුන්ය..බැනවැදීම්ද..ගර්හාවද මඩ ප්රහාරද පසුව එනු ඇත..එහෙත් කිසිවෙකුගේ හව්හරණක් නැති අසරණ ජීවිත වෙනුවෙන් පෙනී සිටිමු..ඔවුන් වෙනුවෙන් කර්මයද දෙවියන්ගේ කැමැත්තද වෙනස් කල හැකිනම්.. නිර්භයව එසේ කරමු..ඔබට ජය..SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-59907890293169338222017-09-05T16:43:45.783+05:302017-09-05T16:43:45.783+05:30සමාජයක් ලෙස අප ප්‍රකෘති සිහියෙන් සිටිනවා ද?//////...සමාජයක් ලෙස අප ප්‍රකෘති සිහියෙන් සිටිනවා ද?/////// athha Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com