Tuesday, September 27, 2016

ඉක්මන් සටහන් ! ඇයි අපිට එහෙම බැරි ?

 රසවිඳිය හැකි යමක් නොවේ ඒ ඛේදවාචකය... එහි ජිවත් වුන නිසා. සැබැවින්ම ඒ මිනිසුන් අතර ජීවිත ගෙවූ නිසා.  ඔවුන්ගේ ජීවිත අන්දර වල හැල හැප්පීම් දුටු නිසා. පිහිට වුනු නිසා ඔවුන් සහනයක් සොයා ආවේ රෝහලට, හමුදා කඳවුරට.

මා යුද්ධය අවසාන වෙනවත් සමගම උතුරු කොන සේවය කරද්දි ලියූ කතන්දර මීට වඩා වෙනස්...අපි එහි යද්දී කතන්දරය සම්පූර්ණයෙන් වෙනස් වුනා. තව දුරටත් මිනිසුන් මැරුණේ නෑ.... ඇතැම් අය සහ පිරිස් කැමති වුනත් නැතත් ඒක එහෙමම වුනා.
 තව දුරටත් දෙමාපියන්ගෙන් කුඩා දරුවන් පැහැරගෙන ගියේ නෑ. තව දුරටත් බෝම්බ පිපිරීම්... මරාගෙන මැරීම් සිදුවුනේ නෑ. උතුරු කොනේ වෙඩි හඬක් ඇහුනේ නෑ.
අපිට සිදුවුනා ජීවිත ජීවත් කරන්න...සමහර බාග ඉතිරි වී තිබුනු ජීවිත පුරුද්දා සම්පූර්ණ කරන්න. අපිට සිදු වුනා, ජීවිත සිය දාස් ගාණක් බිලි ගත් ත්‍රස්තයින්ට වෙදකම් කරන්න...

වාට්ටුවේ එක ඇඳක හමුදා සෙබළුත් අනෙක් ඇඳේ අත් අඩංගුවට පත් කොටි ත්‍රස්තයන් මේ දෙපිරිසටම වෙදකම් කරන්න. මූණ බලන්නේ නැතිව සිටි... ඇතැම් විට අනින්නට පිහි පවා ළඟ තියන් සිටි ත්‍රස්තයින්ට වෙදකම් කරන්න... ළමා සොල්දාදුවන් ලෙස දරුවෝ පැහැරගෙන ගිය ත්‍රස්තයින්ට පවා වෙදකම් කරන්න.
ළමා සොල්දාදුවන්ට වෛද්‍යවරියක් නොවී සහෝදරියක් වෙන්න... සිංහල වචනයක් ඇහෙද්දී ගහන්නට පනින මිනිසුන්ට වෙදකම් කරන්න. ඔවුන් සහ සිනාසී කතා කරන්න. තරහක් හෝ වෛරයක් නොසිතා ඉන්න.

මනෝ වෛද්‍ය සායන වලදී හිත් සුවපත් කරන්න.... මම සතුටු වෙනවා.. අපි එහෙ යනකොට... වෛරය අහවර වෙලා තිබුනු එක ගැන..මම දුක් වෙනවා මේවගේ දරුණු දුක්බර කාල පරිච්ජේදයකට අපේ රට පත් වුණු එක ගැන...ඊටත් එහා දුක , රටක් ම අඳුරෙහි හෙළූ එවන් ත්‍රස්ත ක්‍රියාවන් සාධාරණීකරනය කරන්න, වීරත්වයක් ඔබ්බවන්න කැමැති පිරිසක් සිටින එක ගැන.

මම අවුරුදු 4ක්ම වැඩ කළේ ගෙදරින් කිලෝමීටර 600 විතර එහා...උතුරු කොනේ...
දැන්නම් දුෂ්කර සේවය කරලා ඉවර වෙලා කොළඹට කිට්ටු ප්‍රදේශයකට ඇවිත්...ඒත් තව අවුරුදු 4කින් ආයෙම යන්න වෙනවා. ඒක රැකියාවේ ස්වභාවය. 

උතුරට ගියේ කෝච්චියේ බස් එකේ...විශේෂ වරප්‍රසාද ලත් මොන්ටෙරෝ රථ දූවිලි අවුස්සගෙන ඒ නයින් එකේ පියාඹද්දී මම පාර අයිනේ බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා බස් එනකම් ගෙදර යන්න හෝ ඉස්පිරිතාලේ දෙසට යන්න. 

සෙනසුරාදා ක්ලිනික් එක ඉවර කරලා කෝච්චියට දුවද්දී... ගර්භණී මව්වරුන් බස් හෝල්ට් එකේ ඉඳගෙන ඉන්න බංකුවේ මට ඉඩ දෙනවා.. 
"ඉරිංග ඩොක්ටර්" කියලා... බලෙන් ඉන්දවන්න හදනවා.
මම ඔවුන් එක්ක එකම  බස් එකේ යන්නේ එතකොට යාල්දේවි එන්නේ මගට. එනිසා ඇය එන දුම්‍ රිය පොලකට යා යුතුවෙනවා... බලෙන් මට දෙන සීට් එක ප්‍රතික්ශේප කරලා.. අර බඩදරු අම්මලාව ඒකේ ඉන්දවලා...යාල්දේවියෙත් බොහෝ විට සෙනග. හිටගෙන හෝ ඇතැම් විට දොරකඩ වල බිම ඉඳගෙන ගිය වාර අනන්තයි.   ඒක මගේ ලැබීම ලෙස මම ඉවසුවා දැරුවා.


අදටත් එසේමයි. නමුත් වෘත්තීය සංගමයක් ලෙස යම් තීරණයක් ක්‍රියාත්මක කරයි නම් අපිට එයට විරුද්ධ විය හැකි තැනක් සහ ක්‍රමයක් තියෙනවා...GMOA මීටින් වලදී ඒක කරන්න පුළුවන්.. මම දැක්කා බොහෝ දෙනෙක් ෆේස් බුක් එකේ විරුද්ධව මත ලියනවා.
 ඇයි මේ අය කවුරුත් තීරණ ගැනීම සහ වෙනස් කිරීම කල හැකි තැන් වලදී ඒ වගේ මත ඉදිරිපත් කරන්නේ නැත්තේ ? එතනදී  තමන්ගේ මතය කියා මේ තීරණ වලට බලපෑම් කරන්නේ නැත්තේ ඇයි ? 
අප රෝහලේ වෘත්තීය සංගමයේ සාකච්ජා වලදි නම් අපි අපේ මතය ඉදිරිපත් කරනවා... නෑ අපි ඒකට එකඟ නෑ කියලා... අපේ ශාඛා සංගමයෙන් අපේ මතය ඉදිරිපත් කරනවා. නැතුව ෆේස් බුක් එකේ ලොකු ටෝක් දිලා පොරවල් වෙන්න හදන්නේ නෑ...
 දෙයක් ක්‍රියාත්මක කරන්න කලින් ඒදේ කළ යුතුයි... ඉතින් මේ අයටත් තිබුනානේ මේක එයාත් සාමාජිකයෙක් වන වෘත්තිය සංගමේ අයටත් දැනුම් දෙන්න ? මට පේන්න බැරි මේ බොරුව ! ඉස්පිරිතාල වල මීයෝ වගේ ඉන්න අය ෆේස් බුක් එකේ සිංහ ගර්ජන දානවා.. ෆෙස් බුක් එකේ පර්මිට් ඕනෙ නෑ කියලා. දෙද්දී හොරෙන් ඒවාට අයදුම් කරනවා.... මම අකමැතියි මේ ව්‍යාජත්වයට...
අවංක වෙන්න ... කරන වෘත්තියට මෙන්ම සමාජයටත්... අවසානේ තමන්ටත් !

සියල්ලන්ටම හොඳම දේ ලැබෙන සමාජයක් ඇති කරන්න අපිට බැරි ඇයි ? ඉහළම සුපිරිම වෙනුවට හැමෝටම හිතකර දෙයක් ලබාදෙන්න නැගී සිටින්න අපිට බැරි ඇයි ? සමානාත්මතාවය ඇත්තටම ක්‍රියාත්මක කරන්න බැරි ඇයි ? සුපිරි පාසැල්වල ඉගෙනුම ලබන්න සියල්ලන්ටම අයිතියක් තිබිය යුතු යැයි මට සිතේ. සියල්ල දේශපාලනය වූ සමාජයක පාසැල් වලට ළමුන් ඇතුලත් කිරීමද එසේ වී ඇති බව මම, ඔබ හොඳාකාරවම දන්නා නමුත් සියලු දෙන ඒ ගැන තමන්ගේ අපුලත්වය ඉදිරිපත් කරන්නේ වෛද්‍යවරුන් ඉලක්ක කොටගෙනය. ඇත්ත ! වෛද්‍යවරුන් ක්‍රියාත්මක වෙන්නේ අතිශය සංවේදී වෘත්තීය අංශයකය. ඒත් සාධාරණ මතධාරීන් ලෙස අප  විරුද්ධ වේ නම් අපි සියලු අසාධාරණ ක්‍රියාවලීන්ට විය යුතුය. දේශපාලකයින් පර්මිට් ලබාගැනීම සහ විකිණීම ගැන එකඳු විරුද්ධ වීමක් නැත. සියල්ල  ඇතැම් පිරිසකට පමණක් ලබා දිය යුතු වරප්‍රසාදයක් බවට පත් කර ඇති එකම වරදක් යැයි මට සිතේ.

මා හිතවත් හෙද සොයුරියක් ඇගේ මුහුණු පොතට එකතු කර තිබූ සටහන මෙසේය...
"හෙදියන් ගැන මුහුනු පොතේ එක්තරා පිටුවක පළ වූ පෝස්ටුවක් දැකීමෙන් පසු මෙසේ සටහන් කිරීමට කල්පනා කලෙමි. එම පෝස්ටුව පිලිබඳ විවිධාකාර පුද්ගලයන් විසින් සටහන් තබා තිබුනි. එම සටහන් අතුරින් දෙක තුනක් හැරෙන්නට අනෙකුත් සියල්ලන් ලුණු ඇබුල් ඇතුව අමතා තිබුණු දුටු මට රැකියාව පිලිබඳ මහත් කලකිරිමක් ඇති විය. සමාජයේ විවිධාකාර මිනිසුන් ඉන්නා බව අප කවුරුත් දනිමු . ඔවුන්ට අනුව දොස්තරලා යනු අමුතුම ජාතියකි. හෙදියන්ද අමුතුම ජාතියකි. කෙටියෙන් කිව්වොත් ඔවුන්ට අනුව නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නේ පින් පඩි ගන්නා පිරිසකි.රෝහල් ගත වුනු රෝගියකු සුව වී නිවසට ගියේ කාගේ කැපවීමකින් දැයි විමසීමට සිත් පහල වුනත් එම සිතුවිල්ල යටපත් කරගතිමි.
සියලු දොස්තරලා සියලු හෙදියන් නිවැරැදි පිරිසක් යැයි මම කිසි විටක නොපවසමි. රෝහල මෙන්ම පොලිසිය ඇත්තේද අපි වෙනුවෙන් සේවය සැපයීමට බව අපි දනිමු . ආයතන දෙකම දෙවිදියකින් සේවා සැපයුවද පොලීසියට ගොස් අපි අපිට ඕනෑ අයුරින් හැසිරෙන්නේ නැත. නමුත් රෝහලට එන රෝගීන් රෝහල යනු ආයතනයක් බවත් එහි සේවා සැපයීමට යම් පිලිවෙලක ඇති බවත් තේරුම් නොගන්නේ මන්දැයි මට නම් ගැටලුවකි . රෝහලට ගොඩ වන්නේ අපේන් පඩි ගන්න එවුන් අපට සැලකිය යුතුය යන හැගීමෙන් බව නම් මට හොඳින් වැටහේ. අපි ජනතාවට සේවය සැපයිය යුතු බව අවිවාදයෙන් පිලිගන්නෙමි. සහයෝගයක් නොමැතිව කිසිදු ක්‍රියාවලියක් සාර්ථක වේ යැයි මා විශ්වාස නොකරමි. බොහෝ ගැටුම් නිර්මානය වන්නේ මෙම අනවබෝධය නිසා යැයි මට සිතේ. ඒ සියල්ලටමත් වැඩියෙන් අපි සිතට ගත යුතු එක දෙයක් ඇත. එනම් සෑම පුද්ගලයකුටම ගරුත්වයක් ඇති බවයි..... ''

10 comments:

  1. [ඇයි මේ අය කවුරුත් තීරණ ගැනීම සහ වෙනස් කිරීම කල හැකි තැන් වලදී ඒ වගේ මත ඉදිරිපත් කරන්නේ නැත්තේ ? ] මෙන්න මේ කොටස නම් සහතික ඇත්ත.. සමහර විට තමන්ගේ රැකියාවට තර්ජනයක් වෙයි කියන බය නිසා කෙලින් විරුද්ධ නොවෙනවා වෙන්න ඇති.. හැබැයි අඩුම තරමේ එලියට ඇවිල්ල පොර ටෝක් නොදා ඉන්න තරම් වත් ඒ වගේ අය කල්පනා කරනවා නම් හොඳයි.. නැත්නම් නිකන් විහිළු සැපයීමක් විතරයි කරන්නේ..

    ගොඩක් වෙලාවට නෑ බෑ කියන්න බැරි කම නිසා වෙන්නේ හොඳක් නෙවෙයි.. එහෙම නොකර ඉන්න එක මුලින් හොඳක් වගේ පෙනුනත් පහු වෙනකොට නෑ බෑ කියල විරුද්ධ නොවීමේ විපාක අපි හැමෝටම දැනෙන අවස්තා තියෙනවා නේද..?



    ReplyDelete
  2. හදවතට එකඟවම තවකකු ගේ යහපත වෙනුවෙන් අපි වැඩ කළා කියන හැඟුම හිතේ තියන තුරු සැනසිල්ල අප තුළ රැඳේ. ඉන් පරිබාහිරව අපි අකටයුත්තක් කළේ වී නම් සංවේගය පසුතැවිල්ල නිරන්තර හදවතේ රැදේ. සැමට සමාන වූ සමාජයක් අපේ රටේ ඇතිවෙන දිනයක් ගැන නම් ඉතින් හිතන්නවත් බැරුවාම තමා.

    ReplyDelete
  3. හැමෝටම ඕනෑම දෙයකදී සම අවස්ථා තියෙන්නේ ඕනේ.දේශපාලකයින්ට,වෛද්‍යවරුන්වරුන්ට,වෙනත් වෘත්තිකයන්ට තියෙන යම් දෙයකට ඇති අයිතිය අනෙක් මිනිසුන්ටත් ඒ විදියටම තිබිය යුතුයි.

    මේ රජය වාහන පර්මිට් ලබා දීම නතර කිරීමට ගත්තු තීරණයට විරුද්ධ වුනේ වෛද්‍යවරුන්වරුන්,ඉංජිනේරුවන්,රජයේ ඉහළ නිලධාරීන් ඇතුළු වෘත්තිකයින්.මේ විරෝධය නිසා පර්මිට් ලබා දෙන්න ආයෙමත් ආණ්ඩුව කටයුතු කෙරුවා ඒ හැන්දෙන් තමන්ටත් හොඳට බෙදා ගනිමින්.

    ReplyDelete
    Replies
    1. දීල තියෙන permit එකෙන් වැඩක් නෑ . කලිං තිබිබේ වාහනයේ වටිනාකමෙන් ප්‍රතිශතයක් වශයෙන් ගෙවන්න 50% වගේ ගනනක් දැන් දීල තියෙන්නනේ සම්පූර්න duty එකෙන් 50%ක් ගෙවන්න. ඒ කියන්නේ කාර්එකකට වටිනාකමෙන් මුලු duty එක 300% යි. ඒකෙන් 50% කියන්නේ ඇත්තටම 150% ක් මුළුවටිනාකමින් . නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්පුර්න duty free .

      Delete
  4. //"ඇයි මේ අය කවුරුත් තීරණ ගැනීම සහ වෙනස් කිරීම කල හැකි තැන් වලදී ඒ වගේ මත ඉදිරිපත් කරන්නේ නැත්තේ ? එතනදී තමන්ගේ මතය කියා මේ තීරණ වලට බලපෑම් කරන්නේ නැත්තේ ඇයි ? "// ඔන්න ඕක තමා ඩොක්ට ප්‍රශ්නේ , හැම කෙනෙක්ටම උවමනා අවශ්‍ය තැනදි ශේප්වෙලා , බොරුවට මාධ්‍ය ඉස්සරහ වීරයෝ වෙන්න . ජීවිතයම රඟමඩලකි වටිනා සටහනක් ,ජය

    ReplyDelete
  5. ගෙදරින් කිලෝමීටර් 600 ක් දුරින් කියන මුලින් හිතුණේ ලංකාව එච්චර දිග නෑ නේද කියායි. පස්සේ තමයි තේරුණේ මේ භූගෝල පාඩම නොවෙයි ගමනේ දුර කියලා.

    ReplyDelete
  6. උක්කාරුංග කියන්නේත් වාඩිවෙන්න කියන තේරුම ම ද?

    ReplyDelete
  7. බෝධිනී. තව දුරටත් ශිෂ්ඨ සම්පන්නව තමන්ගෙ මතය ප්‍රකාශ කරලා, ශිෂ්ඨසම්පන්නව තර්ක කරන්න වාද කරන්න පුලුවන් කමක් නෑ. ඒක නැතිවෙලා හුඟක් කල්. අනුන්ගෙ මත ඉවසන ගතිය උගතුන් කියන අය අතරත් නෑ. විරුද්ධ මතවලට බිම දාගෙන පහර දීල ඇඟට මුත්‍රා කරනවා. කතාවට කිසිම අදාලත්වයක් නැති තමන්ගෙ අම්මව බිරිඳව සහෝදරීව පවා අන්තිමේදි පට්ට කුණුහරපෙන් බැණුම් අහනවා. අපි බුද්ධිමත් කියලා හිතාගෙන හිටපු සමහරුන්ගෙ ප්‍රතිචාර දැක්කාම පුදුම හිතෙනවා. කළකිරෙනවා. අන්න ඒකයි සමහරු නිහඬ.

    ReplyDelete
  8. බෝධිනී මම නම් පර්මිට් කාටවත් දෙනවට විරුද්ධයි. දේශපාලකයන්ගේ තමයි ඉස්සෙල්ලම නවත්වන්න ඕනේ. එයාලාට දෙනවා නම් අනිත් අයට දුන්නට කමක් නැහැ කියන මතයේ මම ඉන්නේ. නැත්නම් අනිත් මිනිසුන්ට වගේ රටේ හැමෝටම වාහන ගන්න තියන ක්‍රමය දොස්තරලට, නඩුකාරයන්ට ඉංජිනේරුවන්ට තියෙන්න ඕනේ. අමාත්‍යංශ වල වුනත් අවශ්‍ය නිලධාරීන්ට විතරයි දෙන්න ඕනේ. පලා බබාලට නම අවශ්‍යම නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. ඒත් සියයට 50% බදු ගෙවන්න ඕනේ රජයේ සේවකයෝ නම්

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !