බෝධිනී සමග අනිත් කොන ගියෙමි....
A9 පාර දිගේ ගිලන් රථයක නැගීගියෙමි
ලෙඩුන් පිරුනු
කොරිඩෝ දිගට
දිග ක්ලිනික් පොලිම් පසු කරමින් ගියෙමි
පැය ගනන් සිට
ගෙන සිට කලන්තය හැදී වැටෙන මිනිසුන් පසු කොට ගියෙමි
ශෙල් වෙඩි
කැබලි ඔලුවෙ සිරවු අම්මා කෙනෙක් ෆිට් එක සෑදී වෙව්ලමින් සිටියාය
යුද්ධයේ තවත්
එක ශුද්‍ර අතුරුඵලයක් වූ සිහි විකල් රණ විරුවා ගී ගයමින් මා හා සිනාසුනේය
ළමා
සොල්දාදුවෙක් වී ළමා විය අහිමි වූ ගීතාද තනිව හිනැහෙමින් එම වාට්ටුවේම තනි වී
සිටියාය
වකුගඩුවක්
බද්ධ කරන්නට කාසි නැති නාගම්මා අත වනන මරුවා දෙස හිස් දෑසින් බලා සිටියාය
මොහොතකට පෙර
උපන් බිලිදා ඇද තනි කර සීසර් කල අම්මා එකම ඇදුම සොදමින් සිටියාය
අවසන
කිසිවක් කරකියා
ගත නොහැකිව
මා හුන් තැනම නැවතී සිටි අතර,
සිනහ මුහුනින්, සුපුරුදු කඩිසර ගමනින්
බොධිනී ඉදිරියට
යනු
බොද වූ දෑසින්
මා
බලා සිටියෙමි
මා අවට ඉතිරි වූයේ හිස් කලුවර පමනි!