Thursday, June 22, 2017

කිලෝ පහේ බබෙක් ?

එදත් සුපුරුදු පරිදිම බොහොම බොහෝම වැඩ රාජකාරි අධික දවසක් වුනා අපෙ අනිත් කොනේ මහ රෝහලට.
අප වාට්ටු වල සැත්කම් සඳහා වුන දිනය නිසා වෛද්‍යවරුන්ගෙන් සමහරු හිටියේ ශල්‍යාගාරයේ. මමත් හිටියේ එදින ශල්‍යාගාරයේ සැත්කම් සඳහා සහභාගි වෙමින්.

යුද්ධය ඉවර වුනත් එක්කම කාලය නිසා අප උරමත විශාල වැඩ රාජකාරි කන්දරාවක් පැටවී තිබිනි.
මා කලින් කල ලියූවාක් මෙන්, ඔවුන්ට සියලු කරදර වලට විසඳුම රෝහලම විය. සියල්ලෝම කඳවුරු වල සිටි අතර නැවත නිවෙස් බලා ගියේ සුළු පිරිසකි.

සැත්කම් අතර තුර අප වෙත ආ දුරකථන ඇමතුමක් " POA 32, no clinic visits, no FHB heard, No fetal parts felt, abdomen is hard and it looks like a very big mass, os closed, Scan shows a mass, no fetus, but looks 38 weeks."

කියවන ඔබ හිතනවා ඇති මේ මොන හරුප ද කියලා, මේ  වෛද්‍ය බසින් කීවම තේරෙන්නෙ නෑ කියලා දන්න නිසා මම ඔන්න පැහැදිලි කරලා ලීවා.


එයින් කියවුනේ මෙන්න මෙහෙම දෙයක් අටක ගැබිණියක් අධික වේදනාවෙන් ඇවිත් නමුත් කිසිම ක්ලිනික් එකකට ගිහින් නෑ. ආපු ගමන් පරීක්ෂා කළාට තද ලොකු රවුම් ගුලියක් මිසක් බබාගේ කොටස් අහුවෙන්නෙ නෑ. ස්කෑන් එකෙත් මොකුත් පේන්නෙ නෑ.. හැබැයි බඩ නම් සති 38 වගේ තමයි. සර් ගෙන් අහන්න එවන්නද කියලා.,.. කැක්කුම වැඩී එයා කියන්නේ දරුවා ලැබෙන්න කියලයි"

එවෙලෙම සියලු කටයුතුූ සූදානම් කර ඇයව ශල්‍යාගාරයට එවා තිබුනා. විශේෂඥ වෛද්‍යවරයා ඇය ගෙනා සැනින්, ශල්‍යාගාරයේ තිබූ ස්කෑන් මැෂින් එක ආදාරයෙන් ඇය ගර්භනී නොවන බවත් ඉතා විශාල යමක් මුළු උදරයම වසා ඇති බවත් කීවා.

නමුත් ඒ අම්මා පිළිගත්තේ නෑ අපි කියන දේ...
" නෑ මට බබෙක් ලැබෙන්න හිටියේ. මම මූත්‍රා පරීක්ෂනේ කළා, මම විටමින් බීවා..... මට බබා දඟලනවා දැනුනා, මට වමනෙ ගියා. මම ක්ලිනික් ගියා එක සැරයක්. මම ඇඳුම් මැහුවා සේරම අරන් ආවේ"
ඔව් ඇය කූඩයක් පුරවලා අලුත උපන් දරුවට අවශ්‍ය සියළු දෑ රැගෙන ඇඩ්මිට් වෙලා තිබුනා.

ඔබම හිතන්න මේවා ඇහෙද්දී අපේ මනස කොයි තරම් සසල වෙනවාද කියා. හරි යට ක්ලිනික් ගියේ නැති හේතුව ඔබ දන්නා පරිදි යුද්ධයම තමා. එතකොට මේ අම්මා ඉන්පසුව හෝ ක්ලිනික් එකකට යොමු වුනේ නෑ.

ඇයට සියල්ල කිහිප විටක් පහදා දී, ඇගේ සැමියා නෑයින් පවා ගෙන්වාගන්නට උපදෙස් දුන් පසු ඇය එවෙලෙම සැත්කමට භාජනය කරනවා හැර වෙනත් විසඳුමක් අපට තිබුනේ නෑ. ප්‍රසව වේදනාවෙන් මෙන් ඇය කෑ ගසමින් හිටියා.

විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සී කුමාරසිරි මහතා සිදු කළ සැත්කමට සහයක වුනේ මමයි. අපේ බ්ලොග් ලියපු deeps නංගී දැන් කඳු තරණය කරමින් යනවිට යුරෝපයේ අපි කඳු නැග්ග හැටි කියන්නට ගොස් මට  ඒ අතීත ජායාරූප සහිත හාඩ් එක පිරික්සන්න හිතුනා. එහි ෆෝල්ඩරයක වන්නි මතක මෙසේ එක් රොක් වී තිබුනා.

ඇත්තෙන්ම අපිව පුදුම කරමින් එළියට ආවේ බබෙක් ද ? හිතා ගන්න පුළුවන්ද කිලෝ පහකට කිට්ටු මේ අමුත්තා කවුද කියලා.

ඇගෙම ඩිම්බ කෝෂයක ඇතිවූ පිළිකාවක්. මේක අපි පරීක්ෂා කරන්නට ව්‍යාධවේදී පරීක්ෂනවලට පවා යැව්වා. ඇයගේ සියලු සාම්පල ලබාගෙන පිළිකා සඳහා දිගින් දිගටම පර් යේෂන සඳහා ඇයව යොමු කළා.
ඒවගේම ඇගේ මනස හදන්නත් සෑහෙන්න අමාරු වුනා...ඒකට මනෝ වෛද්‍ය සහය පැතුවා.‍

දරුවෝ අවශ්‍ය ආදරණීය අම්මලා තාත්තලාට දරුවෝ නැති අතර අනවශ්‍ය අය දරුවන් පහ හය වදති. මේ ලෝක ධර්මතාවය සකස්වී ඇති හැටි පුදුමයි.


පින්තූර ගත්තේ : නිර්වින්දක වෛද්‍යවරයා.
කළු සුදු කළේ ආචාරධර්මයන්ට ගරු කිරීම වස් නරඹන අය තුල ජුගුප්සාජනක හැඟීම් අවම කිරීමටයි.
මගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් !

20 comments:

  1. දෙවියනේ ඔබේ නිහතමානී බව සහ ඉවසිලිමත් බවෙත් උපේක්ෂා සහගත බවෙත් රහස වටහාගන්න ට මේ ලිපිය හොඳින් සෑහේ.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි ඒ කාලේ ඒවා දරාගත්තෙ කොහොමද කියලා හිතෙනවා...

      Delete
  2. ඔබට පින්.

    තව ප්‍රශ්න ටිකක් අහන්නද? ඔය පිළිකාවේ මුල් අවධියේ පිළිසිඳ ගැනීමකුත් වෙන්නට පුළුවන් ද? එහෙම පුළුවන් නම්, එතකොට දරුවාත් පිළිකාවත් දෙකම වැඩෙනවා ද? දරුවාට මොකද වෙන්නේ?

    පින්තූර කළු සුදු කිරීම අගය කරමි. :)

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට සමහර පිළිකා වලදී එහෙම වෙනවා නමුත් මේකෙදි නම් ඩිම්බ කෝෂ විනාශ වී තිබුනා. ඔව් බබා වැඩෙද්දී පිළිකාවත් වැඩෙන්න පුළුවන් හෝමෝන තත්වයන් නිසා. දරුවා නිරුපද්‍රිතව බිහිවෙන්න පුළුවන්. නමුත් ඇතැම් විට ඒ බෙහෙත් ක්‍රම කරන්න නම් දරුගැබ විනාශ කරන්න සිදුවන අවස්තාත් තිබෙන බව දකින්න ලැබෙනවා.

      Delete
    2. මෙහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරන්නේ නෑ හතුරෙක්ට වත්.

      අර යුවතියට ගර්භනී ලක්ෂණ පහල වූ නිසා, මුලින් හටගත් කළලය වටා පසුව පිළිකාව වැඩුනා කියල ඔබට හිතුණද ? එහෙම වෙන්න පුළුවන් ද?

      Delete
    3. නෑ එහෙම උපලක්පනය කරන්න බැහැ.. මේ ඩිම්බ කෝෂයක් තමා පිළිකාවක් ලෙස මෙච්චර ලොකු වෙලා තිබුනේ. ඒ කියන්නෙ ඒ ඩිස්ම් කෝෂයේම සංයුතිය වෙනස් වෙලා. ඒ ස්ත්‍රිය අපට කට වචනෙට කීවට එයාට දැනුනා කියලා ඒවා පිළිගන්න අමාරුයි. හොඳට වැඩුණු දරුවන් කුස තුල ඉන්න අම්මලා ක්ලිනික් යන්නෙ නැතුව ප්‍රසව වේදනාවෙන් ඇවිත් අපට කියනෙනෙ බබෙක් කියල දැනුනෙම නෑනේ කියලා. ඉතින් ඇයගේ දැනීම් අපට පිළිගන්න බෑ. කළලය වටා පිළිකා වැඩීමක් ගැන අසා තිබුනේ නෑ.

      Delete
  3. //දරුවෝ අවශ්‍ය ආදරණීය අම්මලා තාත්තලාට දරුවෝ නැති අතර අනවශ්‍ය අය දරුවන් පහ හය වදති. මේ ලෝක ධර්මතාවය සකස්වී ඇති හැටි පුදුමයි.//
    අනිවා අක්කේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම... දරුවන්ගේ අවාසනාව !

      Delete
  4. මෙය ඊයේ දැනගත් පුවතක්. මම හිතුවේ මෙවැනි සිදුවීමක් කියලයි.

    http://nbc4i.com/2017/06/20/in-fathers-day-surprise-iowa-woman-gives-birth-to-13-pound-baby-girl/

    දෙසතියකට පෙර තවත් මෙවැනි පුවතක් අහන්න ලැබුණා.

    https://www.usatoday.com/story/news/2017/06/07/florida-woman-gives-birth-13-pound-5-ounce-baby/377166001/

    ReplyDelete
    Replies
    1. මෙයා දරුවෙක් කියලා හිතා ගත්ත එකයි පුදුමේ...

      Delete
  5. ඒ අම්මා මනසින් කොයි තරම් නම් වැටෙන්න ඇත්ද ඇත්ත සිද්දිය දැන ගන්නකොට.. පව්..

    ReplyDelete
  6. අනේ... අර තරම් දරුවෙක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු හිතට මොනවා හිතෙන්න ඇතිද? ඇගේ හිත හදන්න, මේ මොහොතට මුහුණදෙන්න වෙච්ච අක්කා ඇතුළු පිරිසට කොහොම දැනෙන්න ඇතිද? මට හිතාගන්නවත් බෑ. :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරිම ඛේදජනකයි. හැබැයි යුද්ධයකින් පස්සෙ ඔහොම මග හැරීම් සිදුවෙන්න පුළුවන් , නැත්නම් කොහොමද බඩදරු අම්මෙක්ව මග හැරෙන්නේ ගමේ ක්ලිනික් එකෙන් ?

      Delete
  7. අක්කේ මටත් ප්‍රශ්න ටිකක් අහන්න තියනවා..
    පිළිකාවක් නම් ඇයට ගර්භණී ලක්ෂණ පහළ උනේ ඇයි.... එතකොට ඈ කළ මූත්‍රා පරික්ෂනය වැරදිද...
    මේ තත්ත්වය අක්කට පුලුවන් නම් තව ටිකක් පැහැදිලි කරනවාද...

    හැමදාම වගේ කියන්න තියෙන්නේ ඔයා විශිෂ්ඨ වෛද්‍යවරියක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අර කීව මුත්‍රා පරීක්ෂන එහෙම කළාද නැද්ද කියා අපිට ටක්කෙටම කියන්න බෑ ඇය අතේ කීසිම ලියවිල්ලක් තිබුනේ නැති නිසා.
      ඒ වුනත් ඇතැම් පිළිකා වලින් හෝමෝන ස්‍රාවය වන නිසා hcg කියන හෝමෝනය විශේෂයෙන් ගර්භණී අවස්ථාව සනාථ කරන හෝමෝනයක්. ඒකත් ස්‍රාවය කරන පිළිකා තියෙනවා එතකොට හිතන්න පුළුවන් කෙනෙක් තමන් ප්‍රෙග්නන්ට් කියලා. ගොඩක් කල් දරුවෙක් ලබන්න හිතපු කෙනෙක්ටත් එහෙම වුනා. බලද්දී පිළිකාවක්. ඉතින් නංගී මේ සියල්ල හොඳින් තේරෙන්නෙ වෛද්‍ය උපදෙස් සඳහා ක්ලිනික් සඳහා ගියොත් තමයි. එහෙනම් මෙච්චර ලොකු වෙනකම් කල් ගත නොවෙන්නත් තිබුනා. ස්කෑන් මගින් උදර පරීක්ෂාව මගින් ඇයගේ උදරයේ දරුවෙක් නැති බව පෙන්වන්න තිබුනා.

      Delete
  8. හිතාගන්නටත් අපහසු දේ මොන තරම් වෙනවද ඇත්තෙන්ම ....අගෙයි

    ReplyDelete
  9. යුද්දේ නිසා නොවුනා නම් ඒ කාන්තාව ඔය තත්වය කලින්ම දැනගෙන ඒ සඳහා සුදානම් වෙන්න තිබ්බා.ඒ මුකුත් නැතුව එක පාරටම හෙණයක් වගේ මෙහෙම තත්වයක් උදා වුනාම ? හිතා ගන්නවත් බැහැ.කාටවත් ඒවැනි අවාසනාවන්ත සිදුවීම් නම් තවත් වෙන්න එපා.

    පින්තුර මෙහෙම දාපු එක හොඳයි.ආචාර ධර්ම කියන දේවල් අපි තුලින්මයි එන්න ඕනේ.

    ReplyDelete
  10. //දරුවෝ අවශ්‍ය ආදරණීය අම්මලා තාත්තලාට දරුවෝ නැති අතර අනවශ්‍ය අය දරුවන් පහ හය වදති. මේ ලෝක ධර්මතාවය සකස්වී ඇති හැටි පුදුමයි//

    ඇත්ත.....

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !